gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"සුදු වුණේ Injection ගහලා? එයාලා කියනවා" - වත්සලා දියලගොඩ, 'සුදු වුණු රහස' එන්නතක්? මෙන්න ඇත්ත!

'වත්සලා දියලගොඩ' කියන්නෙ එදා ටෙලි තිරයේ ඔබේ 'හුරුපුරුදු කතාකාරිය'... ඒ වුණත් ඈ ඇගේ 'විවාහයත්' එක්ක ටෙලි තිරයට 'සමුදෙන්න' තීන්දු කරනවා. දැන් ඈ පුංචි එකියෙක්ගේ අම්මා කෙනෙක්.

එහෙම වුණත්...

දැන් දැන් රූපවාහිනි වැඩසටහන් තුළත් ඈ නිතරම දකින්න ලැබෙනවා. (ඒ වගේම ඈ වෙනදටත් වඩා ලස්සන වුණු රහසත් බොහෝ දෙනා හොයනවා....)

වත්සලා 'හිටි හැටියේ' සුදෝ සුදු වුණා කියලත්, ඒකට ඈ 'ඉන්ජක්ෂන් එකක්' පාවිච්චි කළා කියලත් බොහෝ දෙනෙක් කියන්න පටන් ගත්තා.

ඈ මේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පසුගිය දිනෙක 'යූටියුබ්' වැඩසටහනක් සමඟ කියා තිබුණේ ඒ 'සියලු කයි කතන්දර' බොරු කියලයි. (ඒ කියන්නෙ ඇය ශරීරය පැහැපත් කරන්න කිසිදු එන්නතක් භාවිතා කළේ නැහැ කියලයි..)

'ඔික හැමෝටම තියෙන ප්‍රශ්නයක්... විශේෂයෙන්ම ගෑනූ අයට තියෙන ප්‍රශ්නයක්. ගොඩක් අය මගෙන් අහනවා, වත්සලා සුදු වුණේ ඉන්ජක්ෂන් ගහලද කියලා. මම ජීවිතේ කවදාවත් ඒවා පාවිච්චි කරලා නෑ. මොකද මම ඉන්ජක්ෂන්වලටත් සෑහෙන්න බයයි. අනික මම ක්ෂේත්‍රයට එද්දි බොහෝම පොඩියි. ගොඩක් අය ඒ කාලෙයි දැනුයි කම්පෙයාර් කරනවා.'

එතකොට ඇත්තටම වත්සලා 'සුදෝ සුදු' වුණු රහස මොකද්ද?

'මම මං ගැන ගොඩක් සැළකිලිමත් වෙනවා. මට තියෙන්නෙ ඉන්ජක්ෂන් ගහපු සුද නෙවෙයි. මට තියෙන්නෙ ගෝල්ඩන් කලර් එකක්. ඒක ආවට ගියාට ලැබුණු එකකුත් නෙවෙයි. මම මං වෙනුවෙන් ගොඩක් දේ කළා. ගොඩක් අය තරහා වෙලා ඉන්ජක්ෂන් ගහලා මම කියන් නෑ කියලා. මම කොහොමද කියන්නෙ මම කරපු නැති දෙයක්?සමහර අය පිළිගන් නෑ. ගොඩක් අය මා එක්ක තරහාත් වෙලා. 'වත්සලා කරන දේවල් කාටවත් කියන් නෑ, එයා ගුප්තයි' කියලත් කියලා තියනවා කට්ටිය...'


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka