gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"මට දැන් බබෙක් ඉන්නවා. ඉස්සර හිටපු නදීශා නෙවෙයි මම දැන්..." - නදීශා හේමමාලි සියල්ල 'නොසඟවා' හෙළි කරයි!

ඈ 'ජීවනී'.... (කොඩි ගහ යට, ඔබට හුරුපුරුදු කෙනා....) ඔබේ විසිත්ත කාමරයට එදා දවසේ 'නොවරදවා' ඇවිත් ගිය කෙනා...

ඒත් 'කාලයත්' එක්ක ඈ බොහෝම ඉක්මණින් මෙහෙන් අස්ථානගත වෙනවා. පුද්ගලික ජීවිතේ 'යම් යම් දේ' දේත් එක්ක ඈ බොහෝම 'විස්සොපෙන්' හිටපු බවත් රහසක් නෙවෙයි.

කොහොම වුණත්...

නදීශා කියන්නෙ 'නිර්මාණ' ඇතුළේ චරිතවලට ආරූඪවන්නියක්. ඉන් එහා ඈ ඒක ඇතු‌ළෙ කරන්න ගන්න 'විශිෂ්ටයි' කියන රඟදැක්වීම් ප්‍රේක්ෂකයින් වසඟයට ගන්නවා.

මෑතක ඈ 'කොඩි ගහ යට' ටෙලි නිර්මාණය ඇතුළේ කරපු 'ජීවනි'ගේ චරිතයත් ඒ වගේ එකක්.

නදීශා ගොඩක් වෙලාවට (කොඩි ගහ යට එන්නත් කලින් ඉඳලා...) මාධ්‍යයෙන් වහංව හිටපු කෙනෙක්. ඒ නමුත් ඈ යම් යම් 'යූටියුබ්නාලිකා' තුළ දී විටින් විට දකින්න ලැබුණා.

මෑතක 'කැලුම් විජේසූරිය' සමඟ සාකච්ඡාවකට එක්වෙමින් 'නදීශා' ඇගේ 'බබා' ගැන මේ විදිහට කියලා තිබුණා.

'ඉතාමත් සැහැල්ලුවෙන් නිදහසේ ජීවිතේ ගෙවනවා. උදේට නැඟිටිලා ඉතින්... මට දැන් බබෙක් ඉන්නවනේ.. බබා කිවුවේ මගේ 'බලු පැටියා.'... බලු බබෙක්.. ගෙදර දොරේ වැඩ මමම කරගන්නවා. නිදහස් වෙලාවේ ඉතින් සිංදුවක් අහනවා, චිත්‍රපටියක් බලනවා....'

'නදීශා' දැන් වැඩිපුර දකින්න නොලැබෙන 'හේතු'ත් බොහෝමයි.

ඉස්සර හිටපු නදීශා නෙවෙයි මම දැන්. අපි ඉස්සර හරි ආසයි දේවල් ජීවිතයට ළං කරගන්න. නමුත් දැන් හැමදේකින්ම ඈත් වෙන තැනකට මම ඇවිත්. මේක මට හරි නිදහස්....'

'කළකිරීමක් නිසා නෙවෙයි. ජීවිතේ ගැන අවබෝධයෙන්. මම ගොඩක් දැන් සරලව ජීවත් වෙන කෙනෙක්. මම බෞද්ධ දර්ශනය හදාරන කෙනෙක්. මම හිතනවා, ඒ නිසා වෙන්නැති කියලා...'
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka