gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"මම ගයත්‍රිට කිවුවා, ඩිවෝස් එකකට යන්න එපා කියලා" - කවුරුත් නොදැන හිටි, 'චන්න-ගයත්‍රි දික්කසාදයේ ඇත්ත', නයනා කුමාරිගේ කටින් එළියට!

'නයනා කුමාරි' සහ 'ගයත්‍රි ඩයස්' කියන්නෙ ක්ෂේත්‍රයේ බොහෝ කතාබහට ලක්වුණු දෙන්නෙක් කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.

මේ 'දෙපළව' සම්බන්ධ කරලා එදා දවසේ බොහෝමයක් 'කටකතා' එහෙමත් නිර්මාණය වෙලා තිබුණා.

ඒ වගේම 'ගයත්‍රි'ගෙත්, 'නයනා'ගෙත් ඡායාරූප පවා ඒ සමයේ සමාජ මාධ්‍යයේ හුවමාරු වුණා.

මේ 'කටකතා' ගැන නයනා පස්සෙ දවසක මාධ්‍ය හමුවේ මේ විදිහට කියා තිබුණා.

'අපි උත්සවයකට ගියත් එකට යන්න එන්නේ. ඒ නිසා කතා හදන්න ඇති. හැබැයි අපිට එහෙම දැනුන් නෑ. ගයත්‍රි එයාගේ ගමන ගියා. මගේ ගමන මම යනවා. ඇත්තටම කවදාවත් අපි දෙන්නවාත් කතා වෙලා නෑ ඔය කතා ගැන, කාලය වැය කරලා නෑ. මෙහෙම කිව්වා අය හිටියා කියලා අපි දැනන් හිටියා. ඕවා ඉතින් එක්කෙනෙක් දෙන්නෙක් මානසික අසහනය නිසා කළාට අපි ගණන් ගන්න ඕනේ නෑ. මම යි ගයත්‍රි යි අවුලක් නෑ.. ජනාධිපති අගමැති ගන්නකෝ... එයාලටත් කටකතා හැදුනේ. මම එදා ඉඳන්ම මගේ ගමන ගියා. අද මම හොඳින් ශක්තිමත්ම ඉන්න ගැහැනියක්..'

කොහොම වුණත්.... කාලයාගේ ඇවෑමෙන් 'නයනා' සහ 'ගයත්‍රි' දෙදෙනා 'විරසක වුණා'ය කියලත් 'කටකතා' පැතිර යන්නට වුණා. (ඔවුන් දෙදෙනා වෙනදා තරම් සමීප නොවෙන්නත් ඒක හේතුවක් වුණා.)

'ගයත්‍රි මට හම්බෙලා අවුරුදු 25ක් විතර ඇති. ඒ හිතවත්කම කාලයක් තිබ්බා. අවුරුදු 4ක් 5ක් තිස්සෙ ඒ යාලුකම හෙල්ලි හෙල්ලි තමයි තිබුණේ. අපි හිතන් ඉන්න අය වෙනස් වෙන්න පුළුවන්නෙ. මම එයාගේ ගමන යන්න දුන්නා. එහෙම තරහාක් නෑ. චන්න අයියත් ගයත්‍රිටත් කලින් ඉඳලා හිතවතෙක්.'

චන්න සහ ගයත්‍රිගේ 'වෙන්වීම' ගැනත් නයනා මේ විදිහට කියලා තිබුණා.

'ඒ දෙන්නා ගත්ත හොඳම තීරණේ ඒක වෙන්නැති. හොඳම යාලුවා විදිහට මම ගයත්‍රිට කිව්වා, මොන ගැටලු තිබ්බත් ඩිවෝස් එකකට යන්න එපා, ඒක දරුවෝට බළපානවා කියලා. නමුත් එයාලා තීරණේ අරන් ඉවරයි..'
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka