gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"ලංකාවෙ විවාහක කාන්තාවන්ට හරිහමන් තෘප්තියක් සැමියාගෙන් ලැබෙන්නෙ නෑ...." - ඉන්දීය මනාලියක් වුණු සුරූපී යුරේනි කියන කතාව (PHOTOS)

යුරේනිට කතා කරන්න ගියාම සීමාවක් නෑ...

කියන්න තියෙන දේ මූණටම කියන විවෘතව කතා කරන චරිතයක්. ඒ වගේම ඇය හරි සැහැල්ලුවෙන් ජීවිතේ ගෙවන දක්ෂ රංගන ශිල්පිනියක්.

ජනප්‍රිය නිළි ‍යුරේනි නොෂිකා ගැන කාටත් තියෙන්නෙ එවන් අදහසක්. එහෙමනෙ නේද. ඇය සිය රසික රසිකාවියන්ට සෑහෙන්න සමීප වුණු චරිතයක්.

අපි මුලින්ම කිව්වනෙ ඇයට කතා කරන්න ගියාම සීමාවක් නෑ කියලා.

ඉතින් ඈ කතා කරන ඇතැම් මාතෘකා ඒ නිසාම විවේචනයට ලක්වන අවස්ථාත් එමටයි.

ලිංගිකත්වය ගැන ඈ කතා කරන අවස්ථා ඊට උදාහරණ සපයනවා...

ඒ වගේම තමයි ඇය තෝරාගන්නා විලාසිතාවනුත් සෑහෙන්න විවේචනයට ලක්වන අවස්ථා තියෙනවා.

''....ලිංගිකත්වය ගැන අවබෝධයක් පොඩි ළමයගෙ ඉඳලා වැඩිහිටියා දක්වා තියෙන්න ඕන.

එහෙම නැති නිසා තමයි අපේ රටේ ස්ත්‍රී දූෂණ ,ළමා අපචාර වැඩිවෙලා තියෙන්නෙ.

ඒ වගේම ලංකාවෙ විවාහක විවාහක කාන්තාවන්ට හරිහමන් ලිංගික තෘප්තියක් සැමියාගෙන් ලැබෙන්නෙ නෑ.

ඉතින් විවාහ ජීවිතයේ ප්‍රශ්න ඇතිවෙලා දික්කසාද වෙනවා.

තව සමහරු හිතාගෙන ඉන්නවා ඇඟ පේන්න කොටට ඇන්ඳම ස්ත්‍රී දූෂණ වැඩි වෙනවා කියලා.

ඒ විදිහට ඇඳුමෙන් පැළඳුමෙන් ගැහැනියව ගණිකාවක් විදිහට මනිනවා නම් ඒක මානසික ලෙඩක්.

ඉතින් මෙහෙම සමාජයක ලිංගිකත්වය ගැන විවෘතව කතා කරනකොට ඒක අසභ්‍ය දෙයක් විදියට දකින එක සාධාරණයි.

තව දුරටත් සමාජය ඒ තැනට කොටුවෙන්නෙ නැතුව ලිංගිකත්වය ගැන විවෘතව හිතලා වැඩ කරන සමාජයක් සකස් කරගන්න එකයි හොඳ කියන එකයි මගේ අදහස....''

යුරේනිට ආදරේ කරන කාටත් දැනගන්න ඕනි කාරණයක් තමයි ඇගේ විවාහය...

''මම ආදරය කරලා තියෙනවා.

යම් යම් නොගැළපීම් නිසා ඒ ආදර සබඳතා විවාහය දක්වා ගියේ නෑ.

ඉදිරියේදී හරි මට ගැළපෙන කෙනෙක් හම්බ වුණොත් විවාහ වෙයි.

එහෙම නැත්නම් හැමදාම තනිකඩව ඉඳියි.

විවාහ වෙලා පෞද්ගලික ජීවිතයේ සැප විඳිනවට වැඩිය මගෙන් කලාවට ප්‍රේක්ෂකයන්ට වෙන්න ඕන සේවාවක් තියෙනවා කියලා මම හිතනවා.

ඒ තමයි ලංකාවෙ කලාව පෝෂණය කරන එක සහ ප්‍රේක්ෂකයන්ට හොඳ රසයක් තියෙන නිර්මාණ රසවිඳින්න ලබාදෙන එක.

හොඳම නිළිය සම්මානය ලැබීමත් එක්ක මම ඒ දේට තවත් කැපවෙලා ඉන්නවා...''

( උපුටාගැනීම් පිනිපලස - ලක්ෂාන් නිලංක )
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka