gossip lanka

''අත චුට්ටක් තුවාල වුණා කියලා මට රසිකයින් ළඟට නොගිහින් ඉන්න තරම් අපහසුවක් නෑ...'' - මුහුණ පෑ අනතුර ගැන කියන ජනප්‍රිය ගායක සඳුන් පෙරේරා

සිය හඬින් වගේම රූපයෙනුත් අමතක නොවන චරිතයක් තමයි ජනප්‍රිය ගායක සඳුන් පෙරේරා.

ඔහුගේ කොණ්ඩා විලාසිතාව තමයි ඒ විදියට ඔහුව අමතක නොවන චරිතයක් බවට පත්කරලා තියෙන්නෙ.

පහුගිය දවසක ඔහු ගැන අහන්න ලැබුණා තරමක කණගාටුදායක ආරංචියක්. ඒ ඔහුව හදිසි අනතුරකට ලක්වුණු පුවත.

''...දවස් කිහිපයකට කලින් දෙණියාය flashback ප්‍රසංගයට යන අතරමඟදී කනංකේ ප්‍රදේශයේ දී රිය අනතුරකට ලක්වුණා.

ඒ වෙලාවේ තිබුණ වැස්ස නිසා පාර ලිස්සලා නොහිතපු විදිහේ ටිකක් දරුණු අනතුරකට ලක් වෙන්න සිදු වුණා.

හැබැයි පෙර වාසනාවකට පුංචි තුවාලයකින් බේරෙන්නට පුළුවන් වුණා.

අනතුර සිද්ධ වුණේ රෑ 12:30 ට විතර.

ඒ වෙලාවට සමාන්‍යයෙන් ඒ පැත්තෙ මිනිස්සු යනවා අඩුයි.

හැබැයි අනතුර සිද්ධ වෙලා විනාඩි 5 ක් යන්නත් කලින් ඒ අවට හිටිය කට්ටියයි” පාරේ ගියපු තව වාහන දෙක තුනක අය ඇවිල්ලා අපට උදව් කළා.

මම හිතන්නේ ඒ අයත් ෂෝ එක බලන්න යන අය වෙන්න ඇති.

මාව දැකලා අඳුරගෙන සමහරු පොලිසියට කතා කළා.

තව සමහරු හොස්පිටල් එකට කතා කරලා මාව ත්‍රීවිල් එකක ළඟම තිබුණු ඉමදූව හොස්පිටල් එකට අරගෙන ගියා.''

දැන් ඔහු සුවෙන්... ඒ වගේම යළිත් සුපුරුදු පරිදි ප්‍රසංග වේදිකාවේ රසිකයින් වෙනුවෙන් ගීතවත් වෙන්න පටන් අරන්..

''මම සැප්තැම්බර් 15 ඉඳලා ආයේ ප්‍රසංගවලට සහභාගි වෙනවා.

සාමාන්‍යයෙන් රෑට ප්‍රසංග දෙකක් වගේ තමයි උපරිම තියාගන්නේ.

මම මීට කලින් කකුල කැඩිලා ප්ලාස්ටර් එක දාල ඉන්න වෙලාවෙත් ප්‍රසංගයකට ආරාධනා ලැබුණා.

පුටුවක් තියලා මේසයක් තියලා මම වෙනුවෙන්ම සියලු පහසුකම් සපයලා ලොකු කැපකිරීමක් කරලා තිබුණා.

එදායින් පස්සේ ප්‍රසංග පනහක් විතර කරන්න වුණා. ඒ විදියටම.

ඉතින් අත චුට්ටක් තුවාල වුණා කියලා මට රසිකයින් ළඟට නොගිහින් ඉන්න තරම් අපහසුවක් නැහැ.

මම දවස් හතරක්” පහක් විවේක ගත්තා.

පස්සේ මම හිතුවා පුළුවන් උපරිමයෙන් මගේ ආදරණීය රසික රසිකාවියන්ගේ අතරට ගිහිල්ලා එයාලගේ ආදරය ලබන්න ඕන කියලා.''

රසිකයින් වෙනුවෙන් එහෙම කැපකිරීම් කරන ඔහුට, පෙරළා රසිකයින්ගෙන් ලැබෙන ආදරයත් සුළුපටු නෑ...

''ඇත්තටම මම අනතුරට ලක් වුණාට පසුව ඒ ආදරේ මට ගොඩක්ම දැනුණා.

මේ අනතුර සිදු වුණාට පස්සේ මට හිතාගන්නත් බැරි තරම් පෝස්ට් ප්‍රමාණයක් පළවුණා.

හිතාගන්න බැරිතරම් calls ප්‍රමාණයක් ආවා” මේ රටින් වගේම පිට රටින් පවා.

මට ඒ ආදරේ දැනෙනවා” මම ප්‍රසංගයක් අවසන් වෙලා වේදිකාවෙන් බහිනකොට ගොඩක් රසිකයින් වටවෙලා ඉන්නවා.

ඒ හැම කෙනෙක්ටම ෆොටෝ එකක් ගහලා දීලා මිසක් මම එතනින් යන්නේ නැහැ. ඒක මගේ හැටියක්.

හැම තිස්සෙම මම උත්සාහ කරන්නේ මට ආදරේ කරන මිනිස්සු දුකට පත් කරන්නේ නැතුව මට ආදරේ කරන මගේ රසිකයන්ට හැම මොහොතෙම සතුටින් තියන්න.

මගේ රසිකයන්ගෙන් මට ලැබෙන ආදරේ මට ආභරණයක්.''

(උපුටාගැනීම් මීවිත - පාරමී කෞෂිකා)
gossip lanka