gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිටපු ක්‍රීඩකයින්වත් හිතුවේ නෑ අපි ෆයිනල් එයි කියලා – දසුන් ශානක

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ පාකිස්ථානය කණ්ඩායම පරාජයට පත් කරමින් අවසන් මහා තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීම සම්බන්ධයෙන් නායක දසුන් ශානක මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ.

එහිදී දසුන් ශානක මෙලෙස පැවසීය,

මම බලාපොරොත්තු වෙනවා ලකුණු අතරට එන්න, ක්‍රීඩාකරන කොට සිටුවේෂන් වෙනස්. මගේ පසුබෑමක් තියෙනවා අනිවාර්යයෙන්. ඉන්දියාව කියන්නේ පිතිකරුවන්ට ඉතාමත් යෝගය තණතීරු තියෙන රටක්, ඉතිං මම හිතනවා ඉන්දියාවේදි මට දස්කම් දක්වන්න පුළුවන් වෙයි කියලා.

ගොඩකාලෙකට පස්සේ ලෝක කුසලානෙක හොද පෙරළියක් කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා කියලා මට විශ්වාසයක් තියෙනවා. කණ්ඩායමට එන අලුත් කියලා ක්‍රීඩකයෝ ද පරණ ක්‍රීඩකයෝ ද කියලා නෑ. ඉතිං මේ තරගාවලියේදී අපි දැක්කා දුනිත් වෙල්ලාලගේ, මතීෂ පතිරණ කොයි තරම් දුරට මට අවශ්‍ය වේලාවෙදි කඩුළු ලබා දුන්නද ලකුණු රැස්කරලා දුන්නද කියලා. ඒක තමයි විය යුත්තේ. ක්‍රීඩකයෝ සියලුදෙනාම හොද මානසික මට්ටමක ඉන්නවා.

අභියෝග කවදාවත් නැති වෙන්නේ නෑ. අපිට වගේම එයාලටත් අපිව අභියෝගයක්.

ඊයේ මැච් එක දිහා රසිකයෝ නීයපොතු කකා බලන් හිටියා මැච් එක දිනයි දිනයි කියලා. කණ්ඩායමක් විදිහට අපි දන්නවා කාලයක් අපිට නැතිවෙල තිබ්බ බැකින් එක අපිට හම්බවෙලා තියෙනවා කියන එක. අන්න ඒක ගොඩක් වැදගත් රටක් විදිහට ඉස්සරහට යන්න. මම හිතන්නේ අපේ ගොඩක් තැන්වල විශ්වසය කියන එක අඩුයි. මේ ලබාදීලා තියෙන විශ්වාසය රැකගන්න ක්‍රීඩකයෝ විදිහට සියලුදෙනාම බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ලංකාවේ ක්‍රිකට් ගහපු අයවත් හිතන්නේ නෑ අපි ෆයිනල් එකට එයි කියලා. මොකද එච්චරට පාකිස්ථාන කණ්ඩායම, ඉන්දීය කණ්ඩායම, බංග්ලාදේශ කණ්ඩායම් ශක්තිමත්. බංග්ලාදේශ කණ්ඩායමට ඉදිරියට එන්න බැරි වුනාට එයාලට හොද කණ්ඩායමක් ඉන්නවා.

අපි සාමාන්‍ය විදිහට ජයග්‍රහණය සැමරුවා. උද්ධාමයට පත්වෙන්න දෙයක් නෙමෙයි. ඉතිං මම හිතනවා අපි හොද ට්‍රැක් එකක ඉන්නවා කියලා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka