gossip lanka

ගම්පොළින් පැහැරගත් ලංගම රියදුරා ඔරුගොඩවත්තේ.. හිතා ගන්න බැරි දෙයක් පොලිසියට හෙළි කරලා

රාත්‍රීයේ ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක සිටියදී පිරිසක් විසින් පැහැරගෙන ගිය මගියා එම පිරිසෙන් මිදී යළි ගම්පොළ පොලීසිය වෙත පැමිණ තිබෙනවා.

පෞරාණික කඩුවක් සම්බන්ධයෙන් විමසමින් අදාළ පිරිස තමාව කොළඹට පැහැරගෙන ආ බවයි, ඔහු පොලීසියට පවසා ඇත්තේ.

ගම්පොල සිට මාවෙල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් ජයමාලපුර ප්‍රදේශයේදී හරස් කොට එහි ගමන් ගත් රියදුරෙකුට තියුණු ආයුධයකින් පහරදී ඉන් අනතුරුව පැහැරගෙන ගොස් තිබුණා.

පැහැර ගැනීමට ලක්වුණේ ගම්පොළ ඩිපෝවේ රියදුරෙකු වන 46 හැවිරිදි හේමන්ත රාජපක්ෂ වන අතර ඔහු සිය රැකියාව සඳහා පිටත්ව යන අතරතුරදී මෙම සිද්ධියට මුහුණ පා තිබුණේ.

පැමිණි පිරිස අතර කාන්තාවක්ද සිට ඇති අතර ඔහු ගම්පොළ ශික්ෂණ රෝහල වෙත ඊයේ රාත්‍රීයේම ඇතුළත්ව ඇත.
gossip lanka