gossip lanka

අන්තර්ජාලයෙන් නිරුවත පෙන්නන්න විනාඩියට රුපියල් 1000යි: මාස 3ක දරුවෙකුද සමඟින් අධිකරණයට!

අන්තර්ජාලය ඔස්සේ සිය නිරුවත සජීවීව ප්‍රදර්ශනය කර මුදල් ඉපැයූ කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැණුනා.

අදාළ කාන්තාව ඊයේ දිනයේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවට යොමුකළ අතර ඇය අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි නියෝග කෙරුණේ.

මෙම කාන්තාව අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචි එක්දරු මවක්.

ඇය සිය නිරුවත අන්තර්ජාලය ඔස්සේ ප්‍රදර්ශනය කිරීම සඳහා විනාඩියකට රුපියල් 1000 බැගින් අය කර තිබෙනවා.

ගැණුම්කරු වෙන්කර ගන්නා කාලය අනුව රුපියල් 1000 සිට රුපියල් 10,000 දක්වා මුදල් ලබාගෙන ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

කාන්තාවගේ සැමියා බව කියන පුද්ගලයෙකු ඇගේ මෙම ක්‍රියාවට සහය ලබාදුන් බවයි ඇය අධිකරණය හමුවේ පවසා තිබුණේ.

අදාළ කාන්තාව අධිකරණයේ පෙනී සිටියේ මාස තුනක් පමණ වයසැති කුඩා දරුවකුද අතැතිවයි.

අධිකරණයට ඉදිරිපත් වීම සඳහා ඇය කිසිදු නීතිඥවරයෙකුගේ සහයක් ලබාගෙන තිබුණේ නැහැ.

මෙම කාන්තාවට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කර සිටියා.
gossip lanka