gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කළුතර මහාධිකරණය පුද්ගලයින් 08කට මරණ දණ්ඩනය නියම කරයි

අවුරුදු 20කට පෙර තියුණු ආයුධවලින් කපාකොටා  පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්දයෙන් චෝදනා ලැබූ  විත්තිකරුවන් අට දෙනෙකු වරදකරුවන් කරමින් කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න විසින්   (27) මරණ දඩුවම නියම කලේය.

කළුතර දකුණ කලිල් පෙදෙසේ පදිංචිව සිටී සෙයියර් මොහොමඩ් මොහොමඩ් ෆාරිස් නැමැත්තා 2003 මාර්තු මස 24 දින හෝ ඊට ආසන්න දිනක තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් අට දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණය ඉදිරියේ අධිචෝදනා ගොනුකොට තිබුණි.

කළුතර , මහ හීනටියංගල ප්‍රදේශයේ  පදිංචි 46 හැව්රිදි  මොහොමඩ් සෙයින් මොහොමඩ් හම්සා , 49 හැව්රිදි  අබ්දුල් කරීම් මොහොමඩ් රවිස්දීන් , 59 හැව්රිදි  මොහොමඩ් මව්ස් මොහොමඩ් , 45 හැව්රිදි මොහොමඩ් රියාස්ඩීන් මොහොමඩ් , 47 හැව්රිදි මොහොමඩ් ජිෆ්රි මොහොමඩ් ජින්නා, 43 හැව්රිදි මොහොමඩ් ජිෆ්රි මොහොමඩ් පිරිදව්ස්, 44 හැව්රිදි මොහොමඩ් සාහීර් මොහොමඩ් සියාම්, 45 හැව්රිදි  මොහොමඩ් නිලාබ්දීන් මොහොමඩ් හෆීල්  යන අයවලුන්ට මෙසේ මරණ දඩුවම් නියම කෙරුණි.

අවුරුදු 20කට පෙර මෙම ඝාතනය සිදුවන විට වරදකරුවන් 08 දෙනාගෙන් 07 දෙනෙක්ම විසි ගණන්වල පසුවූ තරුණයන්ය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka