gossip lanka

ගණිකා වෘත්තියේ වර්ධනයක්! 300කට අධික ලිංගික ශ්‍රමිකයන්ට එරෙහිව නඩු!

පසුගිය වසරේ දිවයින පුර ලිංගික ශ්‍රමිකයන් 325 දෙනෙකුට විරුද්ධව නඩු පවරා ඇති බවට පොලිස් මූලස්ථානය පවසනවා.

පොලිසිය විසින් ගණිකා නිවාස 355 ක සිදු කළ වැටලීම්වලින් මෙම පිරිසට එරෙහිව නඩු පවරා ඇති බව සඳහන්.

මෙම ප්‍රමාණය 2021 වසරට සාපේක්ෂව ඉහළ අගයක් ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.

2021 වසරේ දී වටලා ඇති ගණිකා නිවාස ප්‍රමාණය 199 ක්.

ඒ අනුව එම වසරේ දී නඩු 145ක් ගොනු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

2022 වසරේ වයස අවුරුදු 18ට අඩු දරුවන් ලිංගික ශ්‍රමිකයන් විදිහට යොදා ගත් අවස්ථා 116ක් වාර්තා වී තිබෙනවා.

අදාළ සංඛ්‍යාව 2021 වසරේ දී 99 ක් ලෙස සටහන් වූ බව සඳහන්.

ඒ අනුව ශ්‍රී ලංකා තුළ ලිංගික ශ්‍රමිකයන්ගේ ශීඝ්‍ර වර්ධනයක් දැකගත හැකියි.

කොවිඩ් ව්‍යාප්තිය සහ ආර්ථික අර්බුදය මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි සමාජ විද්‍යාඥයන් ප්‍රකාශ කළේ.
gossip lanka