gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එල්ලේ ගහන්න ගිය සිසුන් දෙදෙනාගේ සිරුරු වගා ළි‍‍‍ඳකින් හමුවේ!

වව්නියාව පූවර්සන්කුලම් පොලිස් වසමේ පම්පමඩුව ප්‍රදේශයේ එල්ලේ තරඟයක් සඳහා පැමිණි සිසුන් දෙදෙනෙකු ඊයේ  (17) සවස අනාරක්ෂිත වගා ළිඳකට වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බවට පොලීසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වව්නියාව මුස්ලිම් මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි අවුරුදු 14 සහ 15 වැනි වියෙහි පසුවූ සිසුන් දෙදෙනෙකු බවට අනාවරණය වී ඇති බව පොලීසිය කියයි.

මෙම සිසුන් දෙදෙනා පම්පමඩුව ප්‍රදේශයේ පිහිටි වව්නියාව විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේ පැවති එල්ලේ තරගයක් සඳහා ගොස් ඇති අතර එම තරගයෙන් අනතුරුව මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

මෙම සිසුන් දෙදෙනා දක්නට නොමැතිවීමෙන් පසුව එහි සිටි සිසුන් එක්ව ඔවුන්ව සෙවීමේදී එම ක්‍රීඩාංගණය ආසන්නයේ පිහිටි අනාරක්ෂිත ජලය පිරුණු වගා ළිඳ තුල තිබී සිසුන් දෙදෙනාගේ මළසිරුරු සොයා ගැනීමට හැකිවී ඇති අතර අනතුරුව ඒපිළිබඳව පූවර්සන්කුලම් පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව පොලීසිය එම ස්ථානයට පැමිණ සිසුන් දෙදෙනාගේ මළසිරුරු ගොඩ ගෙන වව්නියාව මහරෝහල වෙතට රැගෙන ගොස් ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka