gossip lanka

මිනීමරු ටිපර් රියදුරෙක් ගුරු මවක් සහ ඇයගේ සිඟිති දියණිය මරා දමයි… පිටුපසින් පැමිණ යට කරලා!

අනුරාධපුර නගරයේ  ජයන්ති මාවතේදී අද (21) දහවල්  යතුරු පැදියක් පසුපසින් පැමිණි ටිපර් රථයක් යතුරු පැදිය යටකර  සිදු කළ  රිය අනතුරකින් තරුණ ගුරුවරියක්  හා ඇයගේ කුඩා දියණිය ඛේදනීය ලෙස මරණයට පත් වී  තිබේ. 

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රාජාංගනය, දාහතර කොලනියේ පදිංචිව සිටි අවුරුදු තිස් හයක් පමණ වයසේ පසුවූ දෙදරු ගුරුවරියක හා අවුරුදු අටක් පමණ වයසේ පසුවූ ඇයගේ දි්‍යණිය ය.  ඇය රාජාංගනය ප්‍රදේශයේ පාසලක සේවය කරමින් සිටියාය.

මිය ගිය ගුරුවරියගේ සැමියා විදේශගතව සිටින බව පවුලේ ඥාතීන් පවසා ඇති.

ජයන්ති මාවත ඔස්සේ ජයන්ති වටරවුම දෙසට ධාවනය කරමින් තිබූ යතුරු පැදියට  පසුපසින් පැමිණි ටිපර් රථය එම යතුරු පැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
 
පසුව එම ස්ථානයේ ගමන්ගත් පුද්ගලයන් විසින් බරපතළ තුවාල ලබා සිටි මව සහ දියණිය  කඩිනමින් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අනුරාධපුර පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් පවසන්නේ රෝහල් ආරංචි මාර්ග අනුව තුවාලකරුවන් රෝහල්ගත කරණ විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බවයි.


මේ වනවිට ටිපර් රථයේ රියදුරු හා එම ටිපර් රථය අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු වැඩිදුර විමර්ශන වලින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
gossip lanka