gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අවුරුදු 15ක දැරියක් වසර 02ක් පුරා 10 දෙනෙක් අතින් දූෂණය වෙලා… 09ක්ම පවුලේ ඥාතීන්!

පුරා වසර දෙකක් තිස්සේ සිය මව් පාර්ශවයේ සහ පිය පාර්ශවයේ ඥාතීන් සමූහයක් අතින් දූෂණය වූ 15 හැවිරිදි සිසුවියක මුහුණ දුන්  අපරාධය  සම්බන්ධව මහනුවර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඇයගේ ප්‍රකාශ මත පදනම්ව විමර්ශනය ආරම්භ කර ඇති විමර්ශකයන් පවසන්නේ මහනුවර අරුප්පොල පදිංචි මේ දැරිය වයස අවුරුදු 13 සිට ලිංගික අපරාධවලට ගොදුරු වී ඇති බවය.

හෙළිවෙමින් ඇති තොරුතුරු අනුව මෙම අපරාධ සඳහා ඇයගේ නැන්දා කෙනෙකුගේ මෙහෙයවීමක් සිදුවී ඇත.

මේ වනවිට දැරිය දූෂණයට ලක් කළ පුද්ගලයින් 10 දෙනෙක් පිළිබඳ හෙළි වී ඇති බවත් ඔවුන්ගෙන් 09 දෙනෙක්ම පවුලේ ඥාතීන් බවත් හෙළි වී තිබේ.

මේ දූෂකයන් අතර පවුලේ නොවන  එක් විවාහක පුද්ගලයෙක් ද හඳුනාගෙන ඇත.

සිසුවිය නිවසින් අතුරුදන් වි ඇති බව  ඇගේ දෙමව්පියන් පොලිසියට  කරන ලද පැමිණිල්ලකින් පසු පොලීසිය පරීක්ෂණ පවත්වා ඥාති නිවසක සිටිය දී මෙම සිසුවිය සොයාගෙන තිබේ.  ඒ සම්බන්ධව  සිදුකළ වැඩිදුර විමර්ශනවල දී මෙම සිසුවිය විසින් ලබා දුන් ප්‍රකාශ මත පදනම්ව  සියලු තොරතුරු  හෙළි කරගැනීමට පොලිසියට හැකි වී තිබේ.

මේ වනවිට  පොලීසිය ඇයව අධිකරණ වෛද්‍යවරයෙකු වෙත යොමුකර වාර්තාවක් ලබාගෙන තිබේ. එම වාර්තාව අනුව මේ සිසුවිය අවස්ථා ගණනක දී දූෂණය වී ඇති ආකාරය හෙළි වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka