gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'කවීෂාගේ වාහනයේ බ්‍රේක් බුරුල් කරලා තිබුණේ! ඇය වාහනයට හැප්පෙන්නෙ හිතාමතාම?': නිළි කවීෂාගේ අබිරහස් මරණයට 'රන්ජන් රාමනායක'ව පැටලුවේ කවුද? මොකටද?

 
අබිරහස්' ලෙස අවසන් ගමන් ගිය 'ජනප්‍රියයි' කියන 'ගොනුවේ' බොහෝම 'ලස්සන උත්තමාවීයක්' හිටියා. (මේ කතාව ඒ 'කෙනා' ගැන!!)

ඇය කවීෂා අයේෂානි. ඇයට 'මරු' කැඳවූ 'මාරක අනතුර' සිද්ධ වෙන්නෙ මීට අවුරුදු ගාණකට කලින්... (හරියටම 2016 අවුරුද්දේ..)

'රිය පාලනය කරගත නොහැකිව' ඇය අනතුරට ලක්ව 'මියයන්න' ඇති කියලා කිවුවත්, මරණය ගැන 'සැකසහිතයි' කියලා ක්ෂේත්‍රය ඇතුළතම ලොකු කතාබහක් ඇතිවෙන්න පටන් ගත්තා. (ඇගේ මෝටර් රිය ඇගේ පාලනයෙන් ගිලිහී අනතුරුව බස් රථයක හැපෙන අයුරු දැක්වෙන සීසීටීවී දර්ශන පෙළක් ද ඒ සමයේ මාධ්‍ය වාර්තා කර තිබුණා!)

ඉතින් ඇගේ 'සැකසහිත' මරණයේ 'තතු' හොයන්නත් බොහෝ පිරිස් කටයුතු කරලා තිබුණා. ඒ හැමෝගෙම 'අදහස' වුණේ කවීෂාගේ මරණය 'මිනීමැරුමක්' වෙන්න ඇති කියල යි. (එක්කෝ ඒක ඈව පිළිකුල් කරපු කෙනෙක්ගේ සැළසුම් සහගත ප්‍රහාරයක් වෙන්නත් බැරි නෑ!!)

නමුත්.... පරීක්ෂණවලින් හෙළිදරවු වුණේ ඇගේ මරණය 'සැක සහිත' එකක් නොවන 'අනතුරකින්' සිදුවූ මරණයක් 'පමණයි' කියලයි.

ඇගේ 'අකල් වියෝව' රසිකයින් වගේම ක්ෂේත්‍රයේ සමීප පිරිස් ද බොහෝ කම්පනයට පත් කෙරූ බැව් රහසක් නෙවෙයි.

'මගේ දුව තමයි මේ මියගොස් සිටින්නේ. අවසන් වරට මීට දින අටකට පමණ පෙර පැමිණ අප සමග කාලය ගත කර තිබුණා. මාගේ දියණිය මා දන්නා පරිදි මත්පැන් මත්ද්‍රව්‍ය හෝ දුම් පානය නොකරන බව මා පෞද්ගලිකවම දන්නවා. ඇයට කිසිදු නිදන්ගත රෝගී තත්ත්වයක් තිබුණේත් නැහැ. මනා සෞඛ්‍ය තත්ත්වයකින් ඇය කාලය ගතකළා.' (මරණ පරීක්ෂණයේ දී කවීෂාගේ පියා දුන් සාක්ෂිය!)

ඒ අතරතුර දී ඇගේ 'මරණය'ට 'රන්ජන් රාමනායක'වත් පටලවමින්, ඇතැම් 'ගොසිප්' වෙබ් අඩවි 'බොරු ප්‍රචාර' සිදු කොට තිබුණා.

ඒ සමයේ 'රන්ජන් විරෝධී' මහින්ද රාජපක්ෂ 'පාක්ෂිකයින්' නොහොත් 'රට නඟන රැල්ල' නම් ෆේස්බුක් පිටුවකින් මෙම පුවත මුල්වරට පළකර තිබුණා.
 

 
 එම ව්‍යාජ ප්‍රවෘත්තියේ තිබුණේ මෙන්න මෙහෙම කතාවක්... (ඒ කතාව පහළින්...)

'කවීෂාගේ රථයේ තිරිංග බුරුල් කර ඇති බව හෙළිවෙයි. ඇගේ මරණය පිටුපස රන්ජන් රාමනායක....'

රන්ජන්ගේ 'පුද්ගලික කෝන්තරයක්' ඇය දැන සිටීම නිසා රන්ජන් විසින් 'සැළසුම් සහගතව' ඇයව ඝාතනය කළ බවත්, ඊට පෙරදී ආරක්ෂක අංශයේ 'ආනන්ද' ලවා ඇයව ඝාතනය කරන බවට තර්ජනය කළ බවත් අදාළ ලිපියේ සඳහන් වුණා.

කෙසේ වෙතත්, ලිපියේ අන්තර්ගතය බොහෝ 'හාස්‍යජනක' අයුරින් නිර්මාණය කර තිබීම නිසාම 'මරණය' ගැන 'සැක සංකා' මතු කරගැනීමට තරම් ඒ 'ලිපිය' හේතුවක් වූයේ නැහැ.

මිය ගිය කවීෂා ජනප්‍රිය නිරූපණ ශිල්පිනි 'පියුමි හංසමාලි'ගෙත් 'සමීප මිතුරියක්' වුණා.

ක්ෂේත්‍රය තුළ 'ආන්දොලනයක්' ඇති කළා වුණත්.... සත්‍ය වශයෙන්ම ඇගේ මරණය 'සැක සහිත' මරණයක් වූයේ නැහැ. නමුත්... ඇතැම් 'දේශපාලන පාර්ශවයින්' විවිධ අරමුණු වෙනුවෙන් 'කවීෂා'ගේ මරණය භාවිතා කර තිබුණා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka