gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජපන් සිනහවීමේ පාඨමාලා ඇරඹෙයි..විශාල පිරිසක් ලියාපදංචි වෙයි..ලාංකිකයන්ටත් සුපිරි අවස්ථාවක්!

ජපාන පුරවැසියන්ට සිනහවීමට පුරුදු කරවීම සදහා පාඨමාලා ආරම්භ කර තිබෙනවා.

විදෙස් වාර්තා පවසන්නේ, කොවිඩ් වසංගතය හේතුවෙන් ජපාන පුරවැසියන් මුව ආවරණ පැළඳගෙන සිටි අතර, එම කාලය තුළ සිනහ නොවීම හේතුවෙන් මුහුණේ මාංශ පේෂිවලට සිදුව ඇති අහිතකර බලපෑම අවම කිරීම මෙහි අරමුණ බවයි.

මේ වනවිට මෙම සිනහවීමේ පුහුණු පාඨමාලා සඳහා ඉල්ලුම සිව් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව ද වාර්තාවේ.

මේ අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පිරිමින් සඳහා රැකියා අවස්ථා ප්‍රකාශයට පත් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළේ අයදුම්පත් www.slbfe.lk හි නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවයි.

සුදුසුකම් ඇති අය විසින් පුරවන ලද අයදුම්පත් අවශ්‍ය ලියකියවිලි සමඟ හෙට සවස 04.00 ට පෙර අමාත්‍යාංශයේ නිල විද්‍යුත් තැපෑල titp@slbfe.lk වෙත එවන ලෙස ඉල්ලා ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka