gossip lanka

"ඕකි කීයක් එක්ක නැටුවද? තාම බැන්දේ නෑ... කවුරුත් ඕක බදින්නෑ...හෙන අත්තක් අල්ලලා ඉන්නේ" - ශලනි තාරකා හෙළි කරන ආන්දෝලනාත්මක කතාව

ජනප්‍රිය ඒ වගේම දක්ෂ රංගන ශිල්පිනියක් වෙන ශලනි තාරකා ගැන පසුගිය දිනවල හැමෝම කතා කරන්න ගත්තේ ඇය විවාහ වෙන්න යනවා කියන ආරංචියත් එක්කමයි. ශලනි පසුගියදා ඇගේ පෙම්වතාව බලන්න ලන්ඩනයටත් ගිහින් තිබුනා. එහිදී ඇයට පෙම්වතාගෙන් අපූරු විවාහ යෝජනාවකුත් ලැබිලා තිබුනා.

ඊයේට යෙදිලා තිබුණු ලෝක කාන්තා දිනය වෙනුවෙන් ශලනි ඇගේ සමාජ මාධ්‍යවල කාන්තාව පිළිබඳව දීර්ඝ සටහනක් ලියා පළ කරලා තිබුණා.

පහත දැක්වෙන්නෙ ඒ සටහන...

“Be the women who fixed another woman’s crown, Without telling the world that it was crooked “
Happy women’s day
post එක පරක්කු වුනේ අද දවසේ ලොකු විශේෂයක් මට නැහැ. මට මම වෙන්න පුලුවන් හැම දවසක්ම මට කාන්තා දිනයක්.
හැබැයි දෙයක් ලියන්න ඕනි නිසාම ලියන්නම්,
කාන්තාවන්ට වෙන්වුන දවසක්,
හැමතැනම කාන්තාවන්ගේ ගුණවයනවා
ඇත්තටම අපි කාන්තාදිනය සමරන්න පුලුවන් වටපිටාවකද ජීවත්වෙන්නේ?
මං කියන්නේ ආර්ථික වශයෙන් නෙමේ (එහෙමනම් කෙහොමත් බැහැනේ) හැබැයි සැමරුවේ නැත්තම් ලොකෙන් අපි කොන් වෙන්නත් පුලුවන්.
මං කියන්නේ මේ ඔය කියන විදිහටම කාන්තාවන්ට නිදහස් රටක් ලෝකයක්ද?
විරුද්ධ ලිංගිකයන් පැත්තකින් තියමුකෝ
කාන්තාවන්ම මේ දිනයට සුභපැතුවත්
අවංකවම කීයෙන් කීදෙනාද හිතේ ඉරිසියාවක් නැතුව තව ගැහැනියකට හරියනවා බලාගෙන ඉන්නේ?
කඩාවැටුන ගැහැනියකට නැගිටින්න උදව් කරන්නේ?
"ඒකි අරමයි ඒකි මෙහෙමයි" ඕකි බ_ව කියනවට වඩා
පව් ඒ කෙල්ලට වැරදුනා කියන්නේ
බැදපු නැති ගැහැනියක් දැක්කොත්
"වයසට යනවා බදිනැද්ද නාකිවෙලා කවුරුත් නැතිවෙයි
ඕකි කීයක් එක්ක නැටුවද තාම බැන්දේ නෑ
කවුරුත් ඕක බදින්නෑ"
දරුවෝ නැති ගැහැණු දැක්කොත්
"තාම නැද්ද? ලමයි හදන්නැද්ද දැන් වයසයි ආ.
ඒකි වද ඇති "
රස්සාවකට ගිහින් ගෙයක් දොරක් වාහනයක් ගත්තොත්
" හෙන අත්තක් අල්ලලා ඉන්නේ, ලොක්කා එක්කනේ සෙට්, අරයානේ දැන් තියන් ඉන්නේ"
ලෝකේ වටේ ඇවිදින කෙල්ලෙක් දැක්කොත්
" අම්මෝ කෙල්ලෝ මෙහෙම තනියම යවනවද? අර මිනිහනේ ඕවට වියදම් කරන්නේ, රට ගිහින් වෙන වෙන ඒවා කරන්නේ"
ෆොටෝ වීඩීයෝ ලීක් වුන කෙල්ලෙක් දැක්කොත්
"අම්මෝ මරු ක_ , ඕකිට ඔහොම වෙලා මදි, හොදට වටේ යන්න ඇති ඒකනේ කොල්ලා ඔහොම කරේ, ඒකිට නම් හොද එක්ස්පීරියන්ස් තියෙන පාටයි"
සාමාන්‍ය ගැහැනියක් දැක්කොත්
"අරකිගේ පස්ස නෑ, හැටි බලනවකේ ඇගේ , කෝට්ටක් වගේ කකුල්, බඩ විතරයි, හෙන පපුවක් තියෙන්නේ ,ලෑල්ලක් වගේ පපුව "
ඇයි මෙහෙම?
අනිත් අයගේ ජීවිත විනිශ්චය කරන්න අපි කවුද?
ඒ අයට එතනට වැටෙන්න හේතුව , එතනින් පස්සේ ඒ අය මුහුන දෙන පීඩනය අපි කාටවත් හිතන්න බැහැ.
Be the women who fixed another woman’s crown, Without telling the world that it was crooked
ගැහැනියකගේ වැරදි ලොවට නොකියා එම ගැහැනියගේ ඔටුන්න සකසන කාන්තාවන් වන්න
ඒකතමයි හැම දවසකම ගැහැනියකගේ වගකීම
මොකද පිරිමින්ට විශේෂ දිනයක් නැහැ. ගැහැණු අපි විශේෂයි.
ඒ..''හයිය'' ගෑනු හිතකට පුලූවන් මුලු ලෝකෙම වෙනස් කරන්න.
ඒ නිසාම තමයි කාන්තාවකගේ කුසේ මේ මුලු ලොකේම අනාගතය පවතින්නේ.
වෛශනාවකගේ වුනත් ගෞරවය ආරක්ෂ කරන්න
මොකද කිසිම කෙනෙක් ඒ තැනට වැටුන හේතුව අපි කවුරුත් දන්නේ නෑ.
ඒවගේම කිසිම දේකින් "සර්වසම්පූර්ණ" නැති කිසිම දේකදි "සර්වසාධාරණ" නැති අපිට තව කෙනෙක්ව විනිශ්චය කරන්න තියෙන අයිතිය මොකක්ද ?
ඉතින් වෙනස් වෙන්න උත්සහ කරමු මන්ෂ්‍යයන් විදිහට ..
ඒවගේම සුභපතන නොපතන විරුද්ධ පාර්ෂවයෙන් ඉල්ලන්නේ
හැම ගැහැණියක්ම ඔබතුමන්ලගේ අම්මා නෙමේ, සහෝදරියන් නෙමේ, බිරිද පෙම්වතිය දියණිය නෙමේ.
නමුත් තරාතිරම කුමක් වුවත් හැමගැහැණියක්ම තවකෙනෙකුගේ මව සොයුරිය දියණිය බිරිදක් කියලා හිතලා ගෞරවය ලබා දෙන්න පුලුවන් මනසක් හදවතක් ඇති කරගන්න. මොකද ඒ ගැහැණුන් නුඹේ ජීවිතේ සිටින ගැහැනුන් හා සමානව හෝ ඊට වැඩියෙන් ඒ අයගේ ජීවිත වල සිටින පිරිමින්ට වටිනවා වෙන්න පුලුවන්.
මගේ මතය නියම "පිරිමියෙක්" ජීවිතයේ සිටින ගැහැනියකගේ ජීවිතේ හැම දවසක්ම " කාන්තා දිනයක්".♥️
ඉතින් හැමදවසකම මගේ ප්‍රාර්ථනාව ...,
දැඩි සංස්කෘතියකට කොටුවුන සමාජ පරිසරයක ජීවත් වන හැම කාන්තාවකටම...,
නිදහසේ හිතන්න
නිදහසේ ජීවිතේ විදින්න පුලුවන් පරිසරයක් බිහිවේවා
හැමකාන්තාවකගෙම ගෞරවය ආරක්ෂාවෙන
සමාජයක් බිහිවේවා
ආදරය සෙනෙහස හොයන
රැකවරණය අහිමිවුන සෑම ගැහැනියකටම
සැබෑ ආදරය සෙනෙහස මුණගැසේවා
ජීවිතය දිනන්න කට්ටකන
ධෛර්මත් ගැහැණුන්ට
ඒ දවස ඉක්මනින් ලගාවේවා
අදුරු අතීතයේ හිරවුන ගැහැනුන්
සොදුරු වර්තමානයෙන් ආලෝකමත් වේවා
දරුසම්පත් නොලැබ
හිත දුකින් පිරුණු ගැහැණුන්ගේ
කිරිසිහින සැබෑවේවා
දරුවන් සැපවත් කරවන්න
දවසපුරා තම සැපත කැපකරන මව්වරුන්ට
දිව්‍යයලොව සැපසම්පත් ලැබේවා
කෙටියෙන්ම
සියලුම කාන්තාවන්ගේ
සුන්දරම සිහින සියල්ලම
සැබෑ වේවා
~ශලනි තාරකා~
2023.03.08
gossip lanka