gossip lanka

වැලිකඩ බන්ධනාගාරය හරහා ගිය ඩ්‍රෝන යානය ගැන සොයයි

වැලිකඩ බන්ධනාගාරය හරහා ඊයේ (19) රාත‍්‍රියේ ඩ්‍රෝන කැමරාවක් සහිත යානයක් පියාසර කර තිබෙනවා.

බන්ධනාගාර ආරංචි පැවසුවේ රාත‍්‍රී 08.00ත් 8.15ත් අතර කාලයේදී මෙම ඩ්‍රෝන යානාව වැලිකඩ බන්ධනාගාරය හරහා පියාසර කර ඇති බවයි.


ඒ වනවිට එහි සේවයේ යෙදී සිටි බන්ධනාගාර නිලධාරීන් ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරීවරයා දැනුවත් කර තිබෙනවා. බන්ධනාගාර අධිකාරීවරයා බන්ධනාගාර නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ තවදුරටත් විමසිල්ලෙන් සිටින ලෙසයි.

ඩ්‍රෝන යානාවක් යළි බන්ධනාගාර පරිශ‍්‍රයට ඇතුළු වුවහොත් එය වෙඩි තබා බිම හෙළන ලෙසද බන්ධනාගාර අධිකාරීවරයා බන්ධනාගාර නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් තමන් වෙතද තොරතුරු වාර්තා වී ඇති බවයි පොලිසිය පවසන්නේ. ඒ අනුව බොරැල්ල පොලිසිය විමර්ශන සිදු කරන බවද ප‍්‍රකාශ කෙරුණා.
gossip lanka