gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තරුණියක් පැහැරගෙන යමින් සිටි 11ක් පුලියන්කුලමේදී කොටුවෙයි

වව්නියාව මරතෝඩි ප්‍රදේශයේදී තරුණියක් පැහැරගෙන යිමින් සිටි සැකකරුවන් 11 දෙනෙකු ගම්වාසීන්ගේද සහාය ඇතිව ඊයේ (19දා) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව  පුලියන්කුලම් පොලීසිය පවසයි.


මීට අවුරුදු 3 කට පමණ පෙර අදාළ තරුණිය ඇතුළු පිරිස කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිට කාන්චනමොටෙයි ප්‍රදේශයට පැමිණ නැවත පදිංචි වී ඇති අතර ඊයේ රාත්‍රියේ එකවරම වෑන් රථයකින් හා ත්‍රී රෝද රථ දෙකකින් පැමිණි පිරිසක් විසින් තරුණිය පැහැරගෙන යාමට උත්සහ දරා ඇත.

වයස අවුරුදු 17 ක් වූ තරුණිය පැහැරගෙන වෑන් රථයට දමාගත් සැකකරුවන් වෑන්රථය ධාවනය කරමින් සිටි අවස්ථාවේදී ප්‍රදේශවාසීන් එම අවස්ථාවේම ක්‍රියාත්මක වී වෑන් රථය ලුහුබඳිමින් ඒ බව පුලියන්කුලම් පොලීසියට දැනුම් දී ඇති අතර එම අවස්ථාවේදීම ක්‍රියාත්මක වූ පුලියන්කුලම් පොලීසිය විසින් වෑන් රථය හා ත්‍රී රෝද රථ දෙකත් සමග එහි සිටි සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

එහිදී සැකකරුවන්ට හා වාහන වෙතට ප්‍රදේශවාසීන් විසින් පහරදීමට උත්සහ දරා ඇති අතර පුලියන්කුලම් පොලීසිය විසින් තත්වය පාලනය කොට ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී දැඩි ලෙස මත්පැන් පානය කරමින් සිට ඇත.

තරුණිය පැහැර ගැනීම සිදු කල අයගෙන් ප්‍රධාන සැකකරු අදාළ තරුණියගේ නිවස සැදූ මේසන්බා ස් බවට හඳුනාගෙන ඇති අතරම සැකකරුවන් වව්නියාව මරඳන්කුලම් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පුලියන්කුලම් පොලීසිය පැවසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka