gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉන්දීය කණ්ඩායමටත් ත්‍රස්ත ප්‍රහාරයක් ?

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ත්‍රස්ත ප්‍රහාරයකට ලක්විය හැකි බව පවසමින් නිර්ණාමික ඊමේල් පණිවිඩයක් ඉන්දීය සහ පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩල වෙත ලැබී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

බටහිර ඉන්දීය කොදෙව් හා සංචාරක ඉන්දීය කණ්ඩායම මේ දිනවලදී ටෙස්ට් තරගාවලියකට සහභාගී වන බැවින් ඒ අතර තුර දී මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ලවිය හැකි බව අදාළ ඊමේල් පණිවිඩයේ සදහන්ව ඇතැයි පැවසේ.


අදාළ ඊමේල් පණිවිඩය පළමුව පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ලැබිමෙන් අනතුරුව පසුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත ලැබී තිබේ.

තම කණ්ඩායමට කිසිදු ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ ඉඩකඩක් නොමැති බවද ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව තර කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර ඇති බවද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වැඩිදුරටත් සදහන් කර තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka