gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සහරාන්ගේ කල්ලියේ ඉංජිනේරුවකු හා සගයෙකු මාට්ටු

ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරිකයන් ලෙස සැලකෙන සිවිල් ඉංජිනේරුවරයෙක් සහ තවත් තරුණයෙක් නුවර, ගෙලිඔය සහ ගාල්ල යන ප්‍රදේශවල දී රාජ්‍ය බුද්ධි සේවාවේ අම්පාර ඒකකයේ සහ අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (10) අත්අඩංගුවට ගනු ලැබුහ. මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ ගාල්ල ප්‍රදේශයේ
පදිංචි මොහාමඩ් අවුකාන් අතිස් මොහොමඩ් නමැති 24 හැවිරිදි සිවිල් ඉංජීනේරුවරයක් සහ නුවර, ගෙලිඔය පදිංචි මොහමදු සහිර් මුහම්මදු අස්සාන් නමැති 22 හැවිරිදි තරුණයෙකි.
ජාතීක තවුහිත් ජමාත් සංවිධානයේ නුවරඑළිය පුහුණු කඳවුරක දී මොවුන් දෙදෙනා ද ගිනි අවි හා පුපුරණ ද්‍රව්‍ය පරිහරණය  සම්බන්ධයෙන් එම සංවිධානයේ නායකයාව සිටි සහරාන් යටතේ පුහුණුවිම ලබා ඔහුගේ දේශනවලට ද සහභාගිවී තිබෙන බව අම්පාරි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියක්  පැවැසීය. මොවුන් දෙදෙනා එම සංවිධානයේ සටන්කරුවන් ලෙස සහරාන්  ඉදිරියේ පුහුණුවීම්වලින් පසු දිවුරුම් දී ඇතැයිද පොලිසිය කියයි.

දිවුරුම් දීමෙන් පසු සංවිධානය විසින් සිවිල් ඉංජිනේරුවරයාට අබු සුබේහිර් යන නම දී ඇති අතර සාහිර් නමැති තරුණයාට අබු අවාස් යන නම ද ලබාදී ඇතැයි එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය. ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ පදවැනි නායකයා ලෙස සැලකෙන නවුෆර් මවුලවි සමග සිවිල් ඉංජිනේරුවරයා එම සංවිධානයේ ප්‍රවර්ධන කටයුතු සිදුකරමින් නවක සාමාජිකයන් බඳවා ගැනීමේ කටයුතුවල ද නිරතව සිට ඇති බව පොලිසිය කියයි.

නවුෆර් මවුලවි නමැත්තා මේ වන විට රහස් පොලිස් අත්අඩංගුවේ පසුවන අතර ඔහුගේ 16 හැවිරිදි පුතා ද ඉකුත් සිකුරාදා රාජ්‍ය බුද්ධි අංශයේ අම්පාර ඒකකයේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබිය.  මෙම සංවිධානයට සම්බන්ධ නායකයන් ඇතුළු ප්‍රබල ක්‍රියාකාරිකයෝ 13 ක් අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මඟින් මේ වන විට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

ඔවුන් අතරින් 16 හැවිරිදි බාලවයස්කරුවා රිමාන්ඩ් බාරයට පත් කර ඇති අතර සෙසු සැකකරුවන් අතරින් 9 දෙනකු මාස තුනක  රැඳවුම් නියෝග මත අම්පාර මූලස්ථාන පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කරන බවත් සෙසු තිදෙනා කොළඹ ත්‍රස්තවාදි විමර්ශන කොට්ඨාසය බාරයේ රැඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි බවත් ආරක්ෂක අංශ පවසයි.

ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. නැගෙනහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර මහතාගේ අධීක්ෂණය යටතේ අම්පාර දිසා බාර නියෝජ්‍ය පොලිස්පති අයේෂ් කරුණාරත්න මහතාගේ උපදෙස් මත අම්පාර කොට්ඨාසය බාර පොලිස් අධිකාරි ගයාංග මාරපන මහතාගේ මෙහෙයවීම යටතේ සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ සහ අම්පාර ඒකකයේ සහ අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka