gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගුවන්හමුදා කඳවුර ආසන්නයේ ඩෙටනේටර් හා සේවා නූල් තොගයක් හමුවේ

වවුනියාව,  ගුවන්හමුදා කඳවුර පිටුපස කොවිල්කුලම ප්‍රදේශයේ ඉඩමක තිබී බෝම්බ පිපිරවීම සඳහා යොදාගන්නා ඩෙටනේටර් සහ වයර් තොගයක් සොයාගත් බව වවුනියාව පොලිසිය පවසයි.
පෞද්ගලික ඉඩමක්තුල තිබී ඇති මෙම මෙම ඩෙටනේටර සහ වයර් හමුවී ඇත්තේ ඉඩමේ හිමිකරු විසින් ඉඩම ඩෝසර කරන අවස්ථාවේදීය. පසුව ඉඩම් හිමිකරු විසින් ඒ බව වවුනියවා පොලීසියට දැනුම්දීමෙන් අනතුරුව පොලීසිය එම ස්ථානයට පැමිණ එම ඩෙටනේටර් හා සේවානූල් තොගය සොයාගෙන ඇත.

එහිදී ඩෙටනේටර දෙකක්, බෝම්බ පිපිරවීම සඳහා යොදාගන්නා සේවා නූල් අඩි 100ක් පමණද තවත් වයර් සහ බෝම්බයක  කොටසක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

පසුගිය යුද සමයේ වවුනියාව ගුවන් හමුදා කඳවුරට ප්‍රහාර එල්ල කිරීම සඳහා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් රැගෙන ආ ඩෙටනේටර බවට සැක පළකරන අතර එම ඩෙටනේටර් හා වයර් අධිකරණ නියෝගයකට අනුව වවුනියාව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් නශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇති බවටද වව්නියාව පොලීසිය වැඩිදුරටත් පවසයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka