gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

24 හැවිරිදි සයමස් ගැබිණි මවගේ සතුන් කා දමා තිබූ මළ සිරුර වගුරු බිමක

මොරවක, රුවන්කන්ද ප‍්‍රදේශයේ වගුරු බිමක තිබී පෙරේදා (27 දා) අභිරහස් ලෙස මියගොස් තිබූ සය මස් ගැබිණි මවකගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

මීට දින දහයකට පමණ ඉහතදී පවුල් ආරවුලක් මත සැමියා විසින් ගෙල මිරිකා හුස්ම හිරකර ඝාතනය කර මැය වගුරු බිමකට ගෙනත් දැමූ බව අත්අඩංගුවට ගත් පාපොච්චාරණය කළ බව මොරවක පොලිසිය කියයි.


මෙසේ හුස්ම හිර කර ඝාතනය කර තිබුණේ 48, හංදිය, දෙවන පියවර, දෑරංගල ලිපිනයේ පදිංචි (24) හැවිරිදි මානගේ සුමුදු මාලි නම් කාන්තාවක් බව පොලිසිය සඳහන් කරයි.

ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් (26) හැවිරිදි ඇගේ සැමියා සූරියකන්ද වත්ත, සූරිය කන්ද ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයකු වන අතර මීට දින කිහිපයකට පමණ ඉහත දී සිට ඔවුන් කළුබෝවිටියන, රුවන්කන්ද ප‍්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර එහිදී සිදුවූ පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලිසිය සැකකරයි.

මළ සිරුර තිබූ වගුරුබිම ආසන්නයේ තේ ඉඩමක දලූ නෙළමින් සිටි පිරිසකට දුගඳක් හැමීම නිසා සොයා බැලීමේදී නරක් වූ සතුන් විසින් කා දමා තිබූ මළ සිරුර හමුවී ඇති අතර ඔවුන්ගෙන් ලද තොරතුරක් මත මොරවක පොලිසිය විසින් මළ සිරුර සොයාගත් බව පරීක්ෂණ සිදුකළ පොලිස් නිලධාරියකු පැවැසීය.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් (26) හැවිරිදි ඇගේ ස්වාමිපුරුෂයා ඊයේ (28) මොරවක මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මාතර මහ රෝහල වෙත යවන ලෙස වැඩබලන මහේස්ත‍්‍රාත් අජිත් අබේසේකර මහතා නියෝග කර තිබුණි .

සිද්ධිය සම්බන්ධයෙන් මොරවක පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව සෙනෙවිරත්න මහතාගේ උපදෙස් පරිදි මොරවක පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

ප‍්‍රසාද් විද්‍යාරූප - අකුරැස්ස
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka