gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'උදේ පොහොට්ටුවෙන්.. හවස එජාපයෙන්' - එකම මාර්ගය එකම දිනක දෙවරක් විවෘත කරයි

ගිනිගත්හේන අඹගමුව ශිලා ලේකණ මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කර 29 පස්වරුවේ මහ මාර්ග හා මාර්ග සහ ඛනිජතෙල් සංවර්ධන අමාත්‍යය කබිර් හෂිම් මහතා විවෘත කිරිමට ප්‍රථම එම මාර්ගය 29 උදසැන අඹගමුව ප්‍රදේශිය සභාවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රි (ස්වාධින) හෙලප්‍රිය නන්දරාජ මහතා විසින් ප්‍රදේශවාසින් සමග අද උදසැන විවෘත කරනු ලැබුවා.

වත්මන් රජයේ රන්මාවත් වැඩ සටහනට සමගාමිව මහ මාර්ග අමාත්‍යංශයේ ප්‍රතිපාදන මත කිලෝමිටර 1.53 ක දුරක් කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කරන ලද මාර්ගය අද පස්වරුවේ අමාත්‍යවරයා අතින් විවෘත කිරිමට නුවරඑලිය දිස්ත්‍රික් පා.ම (එජාප) කේ.කේ පියදාස මහතා කටයුතු කර තිබුණි.

උදසැන එම මාර්ගය විවෘත කල අඹගමුව ප්‍රාදේශිය සභාවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රි හෙලප්‍රිය නන්දරාජ මහතා මාර්ගය විවෘත කරමින් කියා සිටියේ කබ්ර් හෂිම් අමාත්‍යවරයා විසින් අඹගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨෘශයේ කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පත් කරන ලද මාර්ග සියල්ලක්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය මගින් සැලසුම් කරන ලද ව්‍යාපෘති බවයි.

එම මාර්ග වත්මන් රජයේ මහා මාර්ග අමාත්‍යවරයා විසින් විවෘත කර ජනතාව මුලා කරන බවද හෙලප්‍රිය නන්ද රාජ මහතා පැවසිය.

පස්වරුවේ එම මාර්ගයම යලිත් විවෘත කල කබ්ර් හෂිම් මහතා කියා සිටියේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ක්‍රියා කරන ආකාරයටම ඔහුන්ගේ අනුගාමිකයන්ද ක්‍රියා කරන බවයි.

2020 වසරේ එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපෙක්ෂකයා අනිවාර්යයයෙන්ම දිනන නිසා මෙවැනි දේවල් වලින් අලියා කුලප්පු නොවන බවද කබිර් හෂිම් අමාත්‍යවරයා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka