gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ක්‍රිකට් ලොක්කෝ කෝප් කමිටුව මග හරිති !

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධ පසුගියදා සිදු කෙරුණු වෝහාරික විගණනය හා වෙනත් චෝදනා පිළිබඳව ප්‍රශ්න කිරීම කෝප් කමිටුව මගින් සැප්තැම්බර් මස 3 දා සිට ආරම්භ කිරීමට නියමිතව ඇති අතර ඒ සඳහා සහභාගි වීමෙන් වැළකී සිටීමට එහි වගකිව යුතු නිලධාරීන් තීරණය කර ඇතැයි වාර්තා වේ.


විදේශීය ගිණුම්වලට මුදල් සංසරණය වීම, ක්‍රිකට් ඒඩ් ගිණුම් 15ක් පවත්වාගෙන යාම, චන්දික හතුරුසිංහ ගිවිසුම හා ක්‍රිකට් විශ්වවිද්‍යාලයට බව කියමින් පන්සලකට අයත් කැලෑබද ඉඩමකට රුපියල් මිලියන 50 ක් ලබාදීම ඇතුළු කරුණු රැසක් මෙහිදී ප්‍රශ්න කිරීමට නියමිතව ඇත.

දැනට කෝප් කමිටුවේ කටයුතු මාධ්‍ය වෙතද නිරාවරණය කිරීම හේතුවෙන් මෙම බොහෝ ප්‍රශ්නගත කිරීම්වලදී නිරුත්තර වීමට සිදුවන නිසා ක්‍රිකට් ආයතනයේ වගකිවයුතු නිලධාරීන් මෙසේ කෝප් කමිටුව මගහැර එහි සේවය කරන සේවකයන් කිහිප දෙනෙකු 3දා කෝප් කමිටුව හමුවට යැවීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka