gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සුරංග ලක්මාල් තවමත් ඉන්නේ භීතියෙන් - (video)

පකිස්තානයේ සංචාරය කිරීම සඳහා ශ්‍රී ලංකා වේග පන්දු ක්‍රීඩක සුරංග ලක්මාල් තවමත් භීතියෙන් පසුවන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා. ලබන සැප්තැම්බර් මාසයේ අග භාගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පකිස්තානයේ සිදුකිරීමට නියමිතව තිබෙන තරග සංචාරය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ක්‍රීඩා අමාත්‍යවරයා ගෙන් සිදුකළ විමසීමේදී ඔහු මේ බව කියා සිටියා.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

" පකිස්තානය අපිත් එක්ක බොහොම සමීප රටක්. සුරංග ලක්මාල් තවමත් ඉන්නේ භීතියෙන්. මොකද ඔහුට එහිදී වෙඩි වැදුනා. සමහර ක්‍රීඩකයින් මට කතා කරලා කිව්වා ඔවුන්ගේ නිවෙස් වල අය මේ ගැන ඉන්නේ බියෙන් කියලා.

නමුත් දැනට තරග සංචාරයක් යන නිසා මම මේ ගැන ක්‍රීඩකයින් සමග කතා කලේ නැහැ. ක්‍රිකට් ආයතනය මට මුලින් කිවේ තරග තුනකට පකිස්ථානයට යනවා කියලා, නමුත් දැන් ඒක තරග 06ක් වෙලා තියෙනවා. බැරි වෙලාවත් ක්‍රීඩකයින් යනවා නම් මමත් ඔවුන් සමග පකිස්තානයට යනවා" ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු කියා සිටියා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka