ඉදිරියේදී රාජ්‍ය සේවකයින්ට සිකුරාදා දිනයේ බතික් ඇදුමින් සැරසී පැමිණීම අනිවාර්ය කිරීමට ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ යෝජනා කර තිබෙනවා.
පෙරේදා (29) කොළඹදී පැවැති උත්සවයකදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
අමාත්‍යවරයා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් තවමත් සකස් කර නොමැති අතර ඉදිරියේදී එම කටයුත්ත සිදුකරන බවයි.
එමෙන්ම මෙරට බතික් කර්මාන්තය දියුණු කිරීම සදහා එම වැඩපිළිවෙල විශාල අත්වැළක් බව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සදහන් කළා.
රාජ්‍ය සේවකයින්ට සිකුරාදාට අදින්න බතික් ඇදුමක් !
2019-08-31T09:52:00+05:30
Gossip Lanka Hot News
slide|