gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නවක වධයට සම්බන්ධ රුහුණු සරසවියේ සැකකාර සිසුන් 19 දෙනා 09දා තෙක් තවදුරටත් රිමාන්ඞ්

රුහුණු විශ්වවිද්‍යාලයේ එළියකන්ද නේවාසිකාගාරයේදී මානව ශාස්ත‍්‍ර හා සමාජ විද්‍යා පීඨයේ නවක සිසුවකුට නවකවධය දී පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සිසුන් දහනම දෙනා තෙවන වරටත් ලබන 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට මාතර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ඉසුරු නෙත්ති කුමාර මහතා ඊයේ නියෝග කළේය.
සැකකාර සිසුන් ඉකුත් 06 දින අධිකරණයට මුල් වරට ඉදිරිපත් කරන ලදු 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ අතර පසුව 19 දින සැකකාර සිසුන් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව මාතර වැඩබලන මහෙස්ත‍්‍රාත් ආරියසේන පනංගල මහතා විසින් සැකකරුවන් 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කර තිබිණි.

අත්අඩංගුවට පත් සැකකාර සිසුන් පිරිසට 143, 314, 316 වගන්ති යටතේ 1988 අංක 20 දරන අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ආයතනවල නවකවධය සහ එම ස්වරූපයේ සාහසික කි‍්‍රයා තහනම් කිරීම පනතේ 2(1* වගන්තිය සමඟ දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කිරීමේ චෝදනා යටතේ ගොනු කළ බවට පැමිණිල්ල විසින් කරුණු දක්වා තිබිණි.

මතාර චන්ද්‍රදාස කොඩිතුවක්කු
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka