gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සූදු ක්‍රීඩාවේ හෝ ඔට්ටු තැබීමේ ක්‍රීඩාවට සම්බන්ධ වූවන්ට ක්‍රීඩා සංගම් තහනම් වන ගැසට්ටුව මුද්‍රණය වෙයි

සූදු ක්‍රීඩාවේ හා ඔට්ටු තැබීමේ ක්‍රීඩාවට සම්බන්ධ වූවන්ට ජාතික ක්‍රීඩා සංගම් තහනම් කරන නීති සම්පාදනය වීමත්, සමග ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා මහතාගේ අත්සනින් යුතුව සියලුම ක්‍රීඩා සංගම්වලට ලිඛිත නියෝගයක් ඉදිරී සතිය තුළ යැවීමට නියමිත බව  වාර්තා වේ.
සූදු ක්‍රීඩාවේ හෝ ඔට්ටු තැබීම් ක්‍රීඩාවට සම්බන්ධ  වූවන්ට ජාතික ක්‍රීඩා සංගම් තහනම් කෙරෙන අතිවිශේෂ ගැසට් පත්‍රය පසුගිය සිකුරාදා (23දා) මුද්‍රණය වී තිබුණි. කෙසේ වෙතත් මේ වන විට ජාතික ක්‍රීඩා සංගම්වල මෙලෙස සූදු ක්‍රීඩාවේ හෝ ඔට්ටු තැබීම් හෝ පරදු තැබීමට සම්බන්ධ ප්‍රධාන නිලතල දරන නිලධාරීන් කිහිප දෙනෙක් තම තනතුර රැක ගැනීම වෙනුවෙන් දේශපාලන හස්තවල පිහිට පතන බවද හෙළි වේ.

මේ හේතුව නිසාම අදාළ රෙගුලාසිය සම්බන්ධයෙන් පියවර ගැනීමට ක්‍රීඩා  අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා මහතාගේ අත්සනින් යුතුව සියලුම ක්‍රීඩා සංගවලට ලිඛිත නියෝගයක්  කිරීමට පවා සිදුව ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග තහවුරු කළේය.

පැතුම් ශ්‍රි විජේරත්න
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka