gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හකීම්ගේ ක්‍රියාකලාපය කැබ්නට් ඇමැතිවරු විවේචනය කරති

බැටික්ලෝ කැම්පස් ආයතනය රජයට පවරා ගන්නැයි යෝජනා කරමින් පාර්ලිමේන්තුවේ අධ්‍යාපන ආංශික කාරක සභාවෙන් දුන් වාර්තාව සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබදව ඊයේ (27) පැවති  කැබිනට් රැස්වීමේදී ඇමැතිවරුන් කිහිපදෙනෙකු ඇමැති රවුෆ් හකීම් මහතාගේ ක්‍රියාකලාපය විවේචනය කර ඇතැයි වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාමාර්ගයක් නොගෙන දවසින් දවස ප්‍රමාද කරන බවට ද ඇමැතිවරුන් කිහිපදෙනෙකු එහිදී ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට තිබේ.

මෙම වාර්තාව සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට වාර්තාව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කර තිබියදී ඒ ගැන කමිටු පත්කරමින් කල්මරන බවටද ඇමැතිවරුන් චෝදනා කර ඇත.

එහිදී අදහස් දක්වා ඇති ඇමැති පාඨලී චම්පික රණවක මහතා බැටික්ලෝ කැම්පස් ආයතනය සම්බන්ධයෙන් තීන්දුවක් නොගෙන ප්‍රමාද කිරිමෙන් සිදුවන්නේ තවත් සයිටම් විරෝධයක් වැනි තත්වයක් ඇති කර ගැනීම බව පවසා ඇත.

එබැවින් වහාම මේ පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගත යුතු බවද ඇමැති රණවක මහතා පවසා ඇතැයි දැනගන්නට තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka