gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇමසන් ගින්න නවතන්න ශ්‍රී ලංකා රජයට මැදිහත්වෙන්නැයි කිලිනොච්චියේ පා ගමනක්

ඇමසන් වනාන්තරයේ හට ගෙන ඇති ගින්න මැඬ පැවැත්වීමට ශ්‍රී  ලංකා රජයද සහාය දක්වන ලෙස
ඉල්ලමින් කිලිනොච්චියේ පරිසර සංවිධාන හා ස්වේච්ඡා සංවිධාන කීපයක් ඊයේ (27දා) කිලිනොච්චිය නගරයේ පා ගමනක් සංවිධානය කොට තිබිණි.
කිලිනොච්චිය පරන්තන් කෘෂිකර්ම විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මූලිකත්වයෙන් පැවැති මේ පා ගමන
කිලිනොච්චිය කරඩුපොක්කු හන්දියෙන් ආරම්භ වී නගරය කරා ගමන් කොට දිසාපති කාර්යාලය අසලින් අවසන් විණි.

මේ පා ගමනට සහභාගි වූ පිරිස් ශ්‍රී  ලංකා රජයේ වගකිවයුත්තන් වෙත යැවීම පිණිස විශේෂ සන්දේශයක්
කිලිනොච්චිය දිසාපති කාර්යාලය වෙත භාරදී ඇති අතර එහි සඳහන් වන්නේ ඇමසන් වනාන්තරය බේරා
ගැනීම සඳහා ශ්‍රී  ලංකා රජයේද සහාය ලබාදිය යුතු බවට ඉල්ලීමකි.

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka