gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශවේන්ද්‍ර හමුදා බුද්ධි අංශ ලොක්කා ඉවත් කරයි !

යුද හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් චූලා කොඩිතුවක්කු වහාම එම තනතුරින් ඉවත් කර රාජකාරි අවශ්‍යතා මත වෙනත් ධුරයකට පත් කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

යුද හමුදා බුද්ධි අංශය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම පියවර ගන්නට ඇති බව දිවයින පුවත්පත වාර්තා කර තිබේ.


ප්‍රතිසංවිධානයක් තුළින් යුද හමුදා බුද්ධි අංශය ශක්තිමත් කිරීමට කටයුතු කරන බවට යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මීට පෙර පවසා තිබිණි.

පාස්කු බෝම්බ ප්‍රහාරය මෙන්ම ඊට ප්‍රථම සිදුවූ ඇතැම් සිදුවීම්වලදී යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් බිම් මට්ටමින් අනාවරණය කරගනු ලැබූ සුවිශේෂී තොරතුරු ඉහළට වාර්තා වීමේ මන්දගාමී බවක් තිබූ බවද මේ අතර වාර්තා වේ.

බ්‍රිගේඩියර් චූලා කොඩිතුවක්කු ඉවත්ව යෑමෙන් පුරප්පාඩු වන යුද හමුදා බුද්ධි අධ්‍යක්‍ෂධුරය සඳහා යුද හමුදා බුද්ධි බළකායේම නිලධාරියකු සුදුසුකම් ලබා තිබුණද ඔහු විදේශ පාඨමාලාවකට සහභාගි වීමට නියමිත බැවින් වෙනත් ඒකකයක නිලධාරියකු නව යුද හමුදා බුද්ධි අධ්‍යක්‍ෂවරයා ලෙස පත් කිරීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka