gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඉංග්‍රීසි ගුරු උපදේශිකාව සර්ප දෂ්ටණයෙන් මරුට

වරකාපොළ අඹේපුස්ස ප්‍රදේශයේ පදිංචි පනස් තුන් හැවිරිදි ඉංග්‍රීසි ගුරු උපදේශිකාව සර්පයෙකු දෂ්ඨ කිරිමේන් විෂ ශරිර ගතවි දින හතරක පමණි කාලයක් වරකපොළ මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ
ප්‍රතිකාර ලබමින් සිටියදි පෙරේදා (27) මියගිය බව වරකාපොළ රෝහල් පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ කෑගල්ල කලාප අධ්‍යපන කාර්යාලයේ ඉංග්‍රීසි ගුරු උපදේශාකාවක ලෙස සේවය කරමින් සිටි වරකාපොළ අඹේපුස්ස 36 කන්ද ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.ඩබ්ලිව්. මනෝලා මානෙල් චන්ද්‍රසේන (53) නමැති විවාහක කාන්තාවකි.

මියසිය ගුරු උපදේශිකාව ඉන්දීය ජාතිකයෙකු සමඟ විවාහ වී සිටින අතර ඔහු වරින් වර ලංකාවට පැමිණෙන බවත් ඒ අතර කාලය තුළ ඇය නිවසේ තනිව කාලය ගත කරන බවත් ඥාතීන් පොලිසියට පවසා ඇත.

මියගිය ඇයගේ වැඩිමහළු සහෝදරිය ගම්පහ ප්‍රදේශයේ ජීවත් වන අතර ඇය සිය නැගනියගේ සුවදුක් විමසීමට දුරකතන ඇමතුම් ලබා ගත්තද ඇය ඊට ප්‍රතිචාර නොදැක්වුවත් පසුව ගත් ඇමතුමකදී ඇය නිවසේ සිටින බවත් සර්පයෙකු අතට දෂ්ඨ කළ බවත් පවසා ඇත.  පසුව ඇය මියගිය ගුරු උපදේශිකාවගේ නිවසට යාබඳ නිවෙසේ පදිංචි අනෙක් සහෝදරිය මේ පිළිබඳව දැනුවත් කර ඇති අතර පසුව එම සන්ථානයට යන විටත් ඇය නිවසේ සිහිවිකල් වී බිම ඇද වැටි සිටි බව වැඩි දුරටත් පවසා ඇත.

-රුවන් පතිරණ-
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka