gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අපිටයි හාමුදුරුවන්ටයි පිරිසක් තර්ජන කළා - ඉරාජ් වීරරත්නගෙන් පැමිණිල්ලක් !

මුහුදු මහා විහාරයේ විහාරාධිපති හිමියන්ට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධව යුටියුබ් තරුවක් වන ඉරාජ් වීරරත්න පොලිස්පතිතුමන්ට පැමිණිලි කර තිබේ. ඒ පැමිණිල්ලේ පිටපතක් ඔහු සිය අන්තර්ජාල අනුගාමිකයින් අතර බෙදා තිබුනේ පහත පරිදිය.

පොලිස්පතිතුමා,
පොලිස් මුලස්ථානය,
කොළඹ,
2019/8/28

මුහුදු මහා විහාරයේ විහාරාධිපති හිමියන්ට තර්ජනය කිරීම සම්බන්ධව කරනු ලබන පැමිනිල්ලයි

පොලිස්පතිතුමනි,

2019/08/19 දින විහාරාධිපති හිමියන්ගේ අවසරය පරිදි මුහුදු මහා විහාරය සම්බන්ධව වීඩියෝවක් නිෂ්පාදනය කිරීම සඳහා දර්ශන ලබා ගැනීමට මා ඇතුළු කණ්ඩායම එහි යන ලදි. එම අවස්ථාවේදී කිසියම් පිරිසක් P 26 රොට්ට ග්‍රාමසේවා වසමේ ජෙයිකා ගම්මානයේදී (හිද්‍රා ගම්මානය) යකඩ බට අතැතිව විහාරාධිපති හිමියන් වන පුජ්‍ය උඩලමත්තේ රත්නප්‍රිය හිමිට සහ අප කණ්ඩායමට එරෙහිව තර්ජනාත්මක ලෙස හැසිරුණු අතර බියගැන්වීම ඇති කරවන ලෙස විහාරාධිපති හිමියන්ට පහරදීමට උත්සහ ගන්නා ලදි. (පහරදීමට ගන්නා උත්සහයක් පටිගත වී ඇත. එම වීඩියෝව ඇතුලත් CD පටය මේ සමග ඉදිරිපත් කරමි) මේ සඳහා දායකවූ

සැකකරුවන් කඩිනමින් හඳුනාගෙන ඔවුන්ව නීතිය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි.

දැනටමත් ඓතිහාසික මුහුදු මහා විහාරයට අයත් පුරාවිද්‍යා ඉඩම් විශාල ප්‍රමාණයක් පුරාවිද්‍යා නීති, වෙරළාරක්ෂක නීති, වනසංරක්ෂණ නීති උල්ලන්ඝනය කරමින් අන්තවාදීන් විසින් ආක්‍රමණය කර ඇත. මෙම ජාතිය සතු සම්පත් ආරක්ෂා කරගැනීම සඳහා නීතිය ක්‍රියාත්මක වන ආකාරයක් පෙනෙන්නේද නැත. මුහුදු මහා විහාරය රැකගැනීම සඳහා පොලිස්පතිවරයා වශයෙන් ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කරන ලෙසද මෙම තත්වය මත මුහුදු මහා විහාරයේ විහාරාධිපති හිමියන්ට ජීවිත තර්ජනයක් ඇති බව මා වෙත හැඟී ගිය නිසා ඉදිරියේදී දරුණු අපරාධයක් ඇති වීමට පෙර උන්වහන්සේගේ ආරක්ෂාවද තහවුරු කරන මෙන් ඔබතුමාගෙන් තවදුරටත් ඉල්ලා සිටිමි.

ස්තුතියි,
ඉරාජ් වීරරත්න
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka