gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වසර 10කට පසු ශ්‍රී ලංකාව පාකිස්තානයේදී ටෙස්ට් තරගාවලියකට එක්වන ලකුණු

එළැඹෙන ඔක්තෝබරයේදී ශ්‍රී  ලංකාව සහ පාකිස්තානය අතර පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත  තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී  ලංකා කණ්ඩායම සහභාගි වනවාද නැද්ද යන්න තීරණයකට පැමිණීම සඳහා එරට වත්මන් ආරක්ෂක තත්ත්වය පරීක්ෂා කිරීම වෙනුවෙන් පාකිස්තානය බලා පිටත්ව ගිය ශ්‍රී  ලංකා නියෝජිතයන් පිරිස එම පරීක්ෂණ කටයුතු සාර්ථකව සිදුකර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතන ලේකම් මොහාන්ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතුව ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන ආරක්ෂක උපදේශක හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක, ජාත්‍යන්තර ක්‍රිකට් කටයුතු ප්‍රධානී චන්දිම මාපටුන, දූෂණ මර්දන සහ ආරක්ෂාව පිළිබඳ සහකාර කළමනාකරු පාලිත සෙනවිරත්න යන මහත්වරුන් මෙම සංචාරයට එක්ව තිබිණි. පසුගිය 6 වැනිදා පාකිස්තානය බලා පිටත්ව ගිය එම කණ්ඩායම 8 වැනිදා කරච්චි ජාතික ක්‍රීඩාංගණයත් ඊට පසුදින ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගණයත් නිරීක්ෂණයට ලක්කොට තිබේ.

2009 වසරේදී ශ්‍රී  ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම එල්ල කරගනිමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය මෙම ටෙස්ට් සංචාරය පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වන අතර, එම සිදුවීමත් සමඟ පාකිස්තානයේ සංචාරයේ නිරත වීම බොහෝ රටවල් ප්‍රතික්ෂේප කර තිබිණි. කෙසේ වෙතත් එම නිරීක්ෂණයන්ගෙන් අනතුරුව එරට මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති මොහාන් ද සිල්වා මහතා පවසා ඇත්තේ “මෙරට ආරක්ෂාව පිළිබඳ දැඩි සැලකිල්ලක් දක්වන නිසා අපි මෙරටට පැමිණියේ ජේ‍යෂ්ඨතම නිලධාරියෙකු වන එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක සහ තවත් නිලධාරීන් දෙදෙනකු සමඟයි.  නැවතත් ලංකාවට ගිය පසු ශ්‍රී  ලංකා ක්‍රිකට් විධායක කමිටුවට අපි වාර්තාවක් ලබාදෙනවා. කොහොම වුණත් 2009 වසරේ සිදුවූ අවාසනාවන්ත සිදුවීමත් සමඟ මෙම තරගාවලිය පිළිබඳ ශ්‍රී  ලංකා ක්‍රීඩකයන් මෙන්ම ශ්‍රී  ලාංකික ජනතාව වැඩි සැලකිල්ලක් දක්වන්න ඉඩ තියේවි. ඒ නිසා බුද්ධි අංශ වාර්තා මත ද පදනම් වෙමින් මෙරට ආරක්ෂාව සම්බන්ධයෙන් සම්පූර්ණ තක්සේරුවක් ලබාගැනීම අවශ්‍යයි. මෙම සංචාරය සාර්ථක ලෙස ඉදිරියට ගෙන යන්නේ කෙසේද කියලා අපි ඉදිරියේදී පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දෙනවා” යනුවෙනි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka