gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හතුරු යළිත් බංග්ලාදේශයට මිතුරු වෙයිද ?

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත්වන ලෙස ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විසින් චන්දික හතුරුසිංහට දැනුම්දීමෙන් අනතුරුව ඔහු යළි තම කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු වශයෙන් බඳවා ගැනීම සඳහා බංග්ලාදේශයේ ඇස යොමු වී ඇතැයි වාර්තාවේ.
ඒ අනුව මේ වන විට බංග්ලාදේශ පුහුණුකරු තනතුරු සඳහා ප‍්‍රධාන පුහුණුකරුවන් සිව් දෙනකු සදහා ආරාධනා ලැබී ඇති අතර හතුරුසිංහ එරට ප‍්‍රධාන පුහුණුකරුවා වශයෙන් පත්වීමට වැඩි අවස්ථාවක් ඇති බව පැවසේ.


බංග්ලාදේශ කි‍්‍රකට් පාලක මණ්ඩලයේ වත්මන් සභාපතිවරයා සහ අධ්‍යක්ෂවරුන් කිහිප දෙනකු ද හතුරුසිංහ නැවත බඳවා ගැනීම පිළිබඳ සිය කමැත්ත පළකර ඇති අතර ඔවුන් හතුරුසිංහ සමගද මේ පිළිබඳ සාකච්ඡා කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් වාර්තා වේ.

මීට ඉහතදී බංග්ලාදේශ නව පුහුණුකරු ධුරය සඳහා ග‍්‍රාන්ට් ෆ්ලවර්, පෝල් ෆබ්‍රේස්, මයික් හෙසන් සහ රසල් ඩොමින්ගෝ යන අයගෙන් එක් අයෙක් බඳවා ගැනීම වෙනුවන් බංග්ලාදේශ කි‍්‍රකට් පාලක මණ්ඩලය අවධානය යොමුවී තිබිණි.

හතුරුසිංහ 2014 සිට 2017 වසර දක්වා බංග්ලාදේශයේ ප‍්‍රධාන පුහුණුකරුවා වශයෙන් කටයුතු කළ අතර එම කාලය තුළදී බංග්ලාදේශය එක්දින තරග 51 කින් තරග 25ක්, ටෙස්ට් තරග 17 කින් තරග 5ක් විස්සයි 20 තරග 29 කින් තරග 10ක් ජය ගෙන තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka