gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නන්දන ගුණතිලකගේ මෝටර් රථය යතුරු පැදියක ගැටී තරුණයෝ දෙදෙනෙක් රෝහලේ !

පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහතා ගමන් ගත් මෝටර් රථය 09 දා බණ්ඩාරගම දී යතුරු පැදියක ගැටිමෙන් තරුණයින් දෙදෙනෙක් රෝහල් ගත කර ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි.
කැබි රථය පානදුර දෙස සිට බණ්ඩාරගම දෙසට ගමන් කර ඇති අතර යතුරු පැදිය ප‍්‍රතිවිරුද්ධ දිසාවට ගමන් කර තිබෙි. මාර්ගයේ වමිපසින් ගමන් කරමින් සිට කැබි රථය එක්වරම දකුණු දෙසට හැරවිෙමිදි රඹුක්කන ප‍්‍රදේශයේදි එකිනෙක ගැටි අනතුර සිදුව ඇතැයි පැවසේ.

අනතුර සිදුවිමත් සමග යතුරු පැදිකරු සිහි විසඥ වි සිටි අතර පසු පැදිකරු සමගින් ඉක්මනින් හොරණ මුලික රෝහලට ඇතුලත් කර ඇති බැවි පොලිසිය කියයි.

 යතුරු පැදිකරුගේ මුහුනට තුවාල සිදුවි ඇති බවත් කොළඹ ඇස් රෝහලට යොමු කිරිමට නියමිත බවත් රෝහල් ප‍්‍රකාශකයෙක් පැවසීය.

 තුවාල ලැබුවන් අතර මෙවර උසස් පෙල විභාගයට පෙනි සිටින සිසුවෙක් සිටින බවද පොලිසිය කියයි. කැබි රථය රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පානදුර අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි. බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්‍ෂක කේ.ඩබිලිවි.එල්. වික‍්‍රමරත්න මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශ ස්ථානාධිපති උප පොලිස් පරික්‍ෂක එස්. රාජකරුණාගේ ප‍්‍රධානත්වයෙන් සැරයන් සමිපත් සහ කොස්තාපල් ප්‍රෙමතිලක පරික්‍ෂණ පවත්වති.


 බණ්ඩාරගම ආර්.ඒ.එස්.ප්‍රෙමතිලක
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka