gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාර්ලිමේන්තු මන්ත්‍රිවරියකගේ නිවසට පැන්න සොරා CCTV වීඩියෝවෙන් හඳුනගනී

පාර්ලිමේන්තු මන්ත්‍රී සුමේධා ජී. ජයසේනගේ මාදිවෙල පිහිටි නිවසට ඇතුල්වූ සොරෙකු මන්ත්‍රිවරියට අයත් පවුම් 03ක පමණ රන් වළල්ලක්  සොරකම් කර ඇත බව වාර්තා වනවා. මේ සම්බන්ධයෙන් මන්ත‍්‍රීවරිය මිරිහාන පොලිසියට පැමිණිල්ලක් ද කර ඇති අතර සොරකමට අදාළ දර්ශන නිවසේ සවිකර තිබූ සී. සී. ටී. වී. කැමරාවල සටහන් වී ඇති බවයි අප කළ විමසීමකදී මන්ත‍්‍රීවරිය ප්‍රකාශ කළේ.
ඒ අනුව  මීට පෙර නිවසේ ඉදිකිරීම් කටයුත්තක් සිදු කළ සේවකයෙකු අදාල සොරකම සිදුකර ඇති බව සොයාගෙන ඇති අතර ඔහු  සොරකම සිදු කළ දිනයේදී අසනීප තත්වයෙන් නිවසේ සිටි  පුත‍්‍රයාගෙන් රුපියල් 2,000ක මුදලක් ද ඉල්ලා ගෙන ගොස් ඇති බවද සඳහන්.

එකම මාදිලියේ වළලු 03ක් තමන් සතුව තිබූ බවත් හදිසි අවශ්‍යතාවක් සඳහා ඒවායෙන් 02ක් බැංකුවකට උකස් කර මුදල් ලබාගත් බවත් මන්ත‍්‍රීවරිය සඳහන් කරන අතර සොරකමට ලක්ව ඇත්තේ ඉතිරිව තිබූ අනෙක් වළල්ල බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka