gossip lanka

තරු ලේබලය නැත්නම් සීලින් විදුලිපංකා විකිණීම තහනම්

සීලින් විදුලිපංකා විකිණීම , බෙදාහැරීම  සහ ආනයනය කිරීමට අදාළව ඊයේ (15දා)  සිට නව නීති ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පවසයි.

සීලින් විදුලිපංකා සඳහා නව බලශක්ති ලේබල් ක්‍රමයක්  හදුන්වා දෙමින් සීලින් විදුලි පංකා සැපයුම්කරුවන්, නිෂ්පාදකයන් සහ අලෙවි කරන්නන් ඊට අනුගත කරගන්නා බව එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අසංක රුද්‍රිගු පැවැසුවේය.


SLS 1800/2011 ප්‍රමිතිය යටතේ විදුලිපංකා සඳහා තරු සහිත ලේබලයක් හඳුන්වා දෙන බවත් විදුලි පංකාවල බලශක්ති කාර්යක්ෂමතාව අනුව ඒවා සඳහා තරු ලකුණු නිකුත් කරන බවත් ඔහු කීවේය.

සීලින් විදුලීපංකා ආනයනය කිරීමේදී තරු ලේබලය රහිත විදුලීපංකා ඊයේ ( 16) සිටි රේගුවන් නිදහස් නොකරන බවත් හෙතෙම පැවැසීය.

අදාළ නීති රෙගුලාසි අංක 2013 ජනවාරී 22 1794/15 දරන ගැසට් පත්‍රය මඟින් නිවේදනය කළද මේ දක්වා ඊට අවශ්‍ය විද්‍යාගාර පහසුකම් සම්පාදනය නොවීම හේතුවෙන් ක්‍රියාත්මක නොවූ බවත් මීට මාස 6කට පමණ පෙර සිට අදාළ නීති ක්‍රියාත්මක කිරීම සම්බන්ධව  සීලින් විදුලීපංකා සැපයුම්කරුවන් දැනුවත් කොට සහන කාලයක් ලබාදී තිබූ බවත් හෙතෙම පැවැසීය.

තරු ලේබලය රහිත සීලින් විදුලිපංකා ගබඩා කිරීම, ප්‍රදර්ශනය, තොග හෝ සිල්ලර වශයෙන් විකිණීම, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම හෝ බෙදා හැරීම පෙරේදා  (15දා) සිට තහනම් බවද ඔහු කීවේය.

ප්‍රමිති ආයතනය නිකුත් කරන ප්‍රමිතී සහතිකය අනුව තරු එකක් හෝ හිමිනම් පමණක් අදාළ ලේබලය හිමි වන බවත් විදුලී කාර්යක්ෂමතා ඉහළ යෑමේදී තරු සංඛ්‍යාව 5ක් වන උපරිමයකට යටත්ව නිකුත් කරන බවත් හෙතෙම කීය.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්ණායක අනුව එම ලේබල් ප්‍රමිතිගත කර ඇති අතර ඒවා නියමිත වර්ණයන් හා ප්‍රමාණයෙන් යුතු වන බවත් ඔහු කීවේය.අදාළ ලේබල් සහිත විඳුලීපංකා හඳුනාගැනීම් පිළිබඳ ඉදිරියේදී විදුලි පාරීභෝගිකයන් දැනුවත් කරන්නෙ බවත් මෙවැනි කාර්යක්‍ෂම බවින් යුතු

 විදුලි උපකරණ භාවිතයෙන් විදුලි බිල අඩු කරගත හැකි බවත් ඔහු කීවේය.

විදුලි කාර්යක්ෂමතාව අඩු උපකරණ සඳහා රෙගුලාසි පැනවීමේ බලතල සතු සුනිත්‍ය බලශක්ති අධිකාරී 2007 අංක 35 දරන ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරී පනත යටතේ ක්‍රියාත්මක වන බවත්, අවම වශයෙන් වාර්ෂිකව ගිගාවොට් පැය 42ක වාර්ෂික විදුලි ඉතිරියක්  සීවිලින් විදුලීපංකාවලට ප්‍රමිතියක් හඳුන්වාදීමෙන් බලාපොරොත්තු වන බවත් ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ පාරිභෝගික අධිකාරිය එක්වී මේ නීති ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඔහු මේ බව කීවේ ඊයේ (15දා) මේ පිළිබද දැනුවත් කිරීම සමිබන්ධව කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ආලෝකකරණය සඳහා වන කලාපීය මධ්‍යස්ථානයේ පවැති සාකචිඡාවකට එක්වෙමිනි.

හර්ෂනී අර්සකුලරත්න
gossip lanka