තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමග නුවරඑළිය සහ හම්බන්තොට කදවුරුවල පුහුණුව ලැබූ තවත් තුන්දෙනෙකු රාජ්‍ය බුද්ධි සේවාවේ තොරතුරු මත අම්පාර පොලීසිය විසින් අද(15) අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් ජමාතේ මිලාතේ ඊබ්‍රහිම් සංවිධානවල සාමාජිකයින් ලෙස කටයුතු කර ඇති බව අනාවරණය වී ඇති අතර ඔවුන් මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් දෙදෙනෙකු නුවරඑළිය කදවුරේත්, අනෙක් පුද්ගලයා හම්බන්තොට කදවුරේත් පුහුණුව ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කළේය.
සහරාන් සමඟ පුහුණුව ලැබූ තවත් තිදෙනෙකු අම්පාරේදී අත්අඩංගුවට
2019-08-16T11:03:00+05:30
Gossip Lanka Hot News
slide|