gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තෙල් මිල දරන්න බෑ කියා ත්‍රීරෝද රථවලින් මීටරය ඉවත් කරන්න තීරණයක්

මෙවර පෙට්‍රල් මිල වැඩිකිරීමත් සමග මගී ප්‍රවාහන ත්‍රිරෝද රථවලින් මිටරය ඉවත් කිරිමට ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනය තීරණය කර ඇතැයි එම ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.


 මිල සූත්‍රයක් උපයෝගී කරගෙන ආණ්ඩුව සෑම මාසයකම තෙල්මිල වැඩි කිරීමෙන් මගීයාටත් ත්‍රිරෝද  රථ වෘත්තිකයාටත් විශාල අසාධාරණයක් සිදුවන බව පැවසූ සභාපතිවරයා තෙල් මිල වැඩි කිරීම හේතුවෙන් ත්‍රිරෝද රථ ගාස්තු වැඩි කිරීමකට නොගොස් මගියාට සාධාරණයක් ඉටුකිරීම සඳහා තීරණය ගත් බවද කීය.

විශේෂයෙන් ත්‍රිරෝද රථ ගාස්තු මීටරය ඉවත් කිරීමෙන් පසු මගියා සමග සාකච්ඡා කර සාධාරණ ගාස්තු අය කරන බවද සභාපති ජයවර්ධන මහතා පැවසීය.තෙල් මිල මසකට වරක් වැය කිරීමෙන් ත්‍රිරෝද රථ කාර්මාන්තය පත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි හෙතෙම කීවේය.

දැනට ත්‍රිරෝද වෘත්තිකයන් ලක්ෂ හත හමාරක් පමණ සිටින බව ද පැවසු සුනිල් ජයවර්ධන මහතා මෙවර තෙල් මිල වැඩි කිරීමත් සමග ත්‍රිරෝද රථ ගස්තු මීටරය ඉවත් කළ යුතු බවට ත්‍රිරෝද රථ වෘත්තිකයන් බොහෝ දෙනකු තම ත්‍රිරෝද රථ සම්මේලනයෙන් ඉල්ලා සිටි බව ද කීය.

-මහින්ද නිශ්ශංක-
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka