gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශිෂ්‍යත්වය සමත් නම් ශිෂ්‍යාධාර Online ක්‍රමයෙන්

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට සෑම වසරකදී ම  සිසුන් 350,000කට ආසන්න පිරිසක් පෙනී සිටින අතර ඔවුන් අතරින් ශිෂ්‍යත්වය සමත් අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් 15,000 කට පමණ ශිෂ්‍යාධාර ලබාදීම වාර්ෂිකව අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් සිදු කෙරේ.


ශිෂ්‍යත්ව සමතුන් වෙත මෙසේ ශිෂ්‍යාධාර ලබාදීම 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අඛණ්ඩව සිදු කෙරෙන ක්‍රියාවලියකි.

සිසුන්ට ශිෂ්‍යාධාර මුදල් ගෙවීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂමව සිසුන්ට අපහසුවක් නොවන ආකාරයට නිශ්චිත කාල සීමාවක් තුළ සිදු කිරීම සඳහා තාක්ෂණ සහාය කරගනිමින් පියවර ගන්නා ලෙස පසුගියදා අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව පළමු පියවර ලෙස  ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ජාතික පාසල්වල ඉගෙනුම ලබන සිසුන්ගේ තොරතුරු සහ ශිෂ්‍යත්ව විභාගයෙන් ලබා ඇති ලකුණු ඇතුළු ශිෂ්‍යාධාර දීමනාව සඳහා සුදුසුකම් ලැබීමට අදාළ සියලු සවිස්තරාත්මක දත්ත මේ වන විට Online ක්‍රමයට ඇතුළත් කර තිබේ.

ශිෂ්‍යාධාර  මුදල් ලබාගැනීම සඳහා මෙතෙක් පැවති ක්‍රමය වූයේ එක් එක් සිසුන් තමන්ගේ ශිෂ්‍යාධාර මුදල් ලබා ගැනීමට මාස් පතා වවුචර් මඟින් ඉල්ලුම් කිරීමයි.

එම නිසා පැවති ගැටලු  සහ ප්‍රමාදයන් මෙම Online ක්‍රමය මඟින් විස‍ඳෙන අතර එමඟින් අදාළ ශිෂ්‍යාධාර මුදල් සිසුන්ගේ ගිණුමට නොපමාව බැරවීම සිදුවේ.

දැනට ලබන මාසික ශිෂ්‍යාධාර මුදල වන රුපියල් 500/- රුපියල් 750/- දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ශිෂ්‍යාධාර සඳහා රජය වාර්ෂිකව රුපියල් මිලියන 362ක්  වෙන් කරයි.                                                      

දෙවෙනි අදියර ලෙස 2020 වර්ෂයේ ජනවාරී මස සිට රජයේ සියලුම පාසල්වල සහ පිරිවෙන් වලත්, පෞද්ගලික හා රජයේ ආධාර ලබන පාසල්වල සිසුන් සඳහාත් Online ක්‍රමයට ශිෂ්‍යාධාර ලබා දීම සිදු කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

කෂිනි හපුආරච්චි
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka