gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිටපු ඇමති අබුසාලි නමින් පාරක්‌ නම් කරන්න ගිහින් බලන්ගොඩ නගර සභාව කැළඹෙයි !

බළන්ගොඩ නගරයේ වසර හැත්තෑ පහකට වැසි කාලයක්‌ තානායම් පිවිසුම් පාර යනුවෙන් භාවිතා වූ මාර්ගය එම්. එල්. එම්. අබුසාලි මාවත යනුවෙන් නම් කිරීමට බලන්ගොඩ නගර සභාවේ මන්ත්‍රීවරයෙකු විසින් ගෙන එන ලද යෝජනාව සියලුම මන්ත්‍රීවරුන් විසින් ඒකමතිකව නිෂ්ප්‍රභ කිරීමට පෙරේදා (15) පැවති බළන්ගොඩ නගර සභාවේ මාසික රැස්‌වීමේදී තීරණය විය.

 මෙම යෝජනාව එ.ජා.ප. නාගරික මන්ත්‍රී එම්. මලීක්‌ෂා මහතා විසින් ඉදිරිපත් කර තිබූ අතර එහිදී මන්ත්‍රීවරුන් අතර ඇති වූ වාද විවාද වලින් සභාවේ උණුසුම් තත්ත්වයක්‌ ද ඇති විය.

 මෙහිදී යෝජනාව ඉදිරිපත් කළ මන්ත්‍රීවරයා හැර සියලුම පක්‌ෂවල මන්ත්‍රීවරුන් අදහස්‌ දක්‌වමින් ප්‍රකාශ කර සිටියේ මෙම වකවානුවේ කිසිදු හේතුවක්‌ නොමැතිව මාර්ගයකට පුද්ගල නාමයක්‌ ඉදිරිපත් කිරීම උචිත නොවන බවයි. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යජාලවලද දැඩි විවේචන එල්ල වෙමින් තිබෙන බවත් ජනතා විරෝධයක්‌ ඇති වීමට ඉඩකඩ ඇති බැවින් මෙම යෝජනාව ප්‍රතික්‌ෂේප කිරීමට සභාව ඒකමතිකව තීරණය කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka