gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඒක කොහොමහරි කරන්න ඕන වුනා - දිමුත්

"ශතකයක් ලබානොගෙන තරග ගණනාවක්ම මං ක්‍රීඩා කළා... කාලයකින් ශතකයක් ලබාගෙන නැති බවත්, කෙසේ හෝ මෙම තරගයේදී එය කළ යුතු බවත් මං කණ්ඩායම සමගත් පවසා සිටියා," යැයි දිමුත් කරුණාරත්න පවසයි.
ඊයේ (18) දින ගාල්ල ටෙස්ට් පිටියේදී නවසීලන්තයට එරෙහිව පැවැත්වුණු ටෙස්ට් තරගයේදී ඔහු සිය නවවැනි ටෙස්ට් ශතකය රැස්කිරීමට සමත් වූ අතර, මේ සමග කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. මේ අනුව, ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය සඳහා ලකුණු 60ක් ද ලංකාවට හිමිවිය.

"ඒ දැඩි අවශ්‍යතාවය මට තිබුණා... ඉහළ ලකුණු ගන්න මං පුළුවන්තරම් උත්සහ කරනවා... ඒකට මට අවස්ථාව ලැබුණාම දැඩි වෙහෙසක් දරණවා... දකුණු අප්‍රිකාව, නවසීලන්තය සහ ඕස්ට්‍රේලියානු සංචාරවලදී කිහිප වතාවක්ම ඊට කිට්ටු වුනත් මට ඒ ඉලක්කයට යන්න බැරි වුණා... ලංකාවේදී අවස්ථාවක් ලැබුණු වෙලාවෙදී මං ඒක කළා... මෙවැනි අසීරු කඩුල්ලක ක්‍රීඩා කරන විට ශතකයක් ලබාගන්න පුලුවන් වීම මට දැඩි ආත්ම විශ්වාසයක් ලබාදුන්නා," යැයි ඔහු පවසයි.

තරගය පුරාවටම විශාලතම අභියෝගය වූයේ නව පන්දුව බවද දිමුත් සඳහන් කරයි. පන්දුව මදක් මෘදු වූ පසුව පිතිකරණය වඩාත් පහසු වූ බවත්, කුඩා ඉලක්ක පණවමින් අවසන් ලකුණු සීමාව හඹා යාමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

(ක්‍රික්ඉන්ෆො ඇසුරෙන්)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka