gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බල්ලකුගෙන් බේරන්න ගිහින් සිවිල් සෙබළා අං මුවා අතින් මැරුම් කයි

වගා ආරක්ෂාව පිණිස ඇති කළ සුනඛයකුට අසු වූ අං මුවකු බේරා ගැනීමට ගිය අවස්ථාවේ මුවා වීසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබූ සිවිල් ආරක්ෂක බළකායේ උප නියාමක සෙබළකු අවාසනාවන්ත අන්දමින් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් මලවිලච්චිය පොලිස් වසමෙන් වාර්තා විය.


අං මුවාගෙන් තම පපු පෙදෙසට එල්ල වූ අං ප්‍රහාරයකින් මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ විල්පත්තුව සිවිල් ආරක්ෂක බළකා කඳවුරට අනුයුක්තව මහවිලච්චිය පොලිස් මුරපොළේ සේවයේ නියුතුව සිටි අංක 257, වම් ඉවුර, මහවිලච්චිය ලිපිනයේ පදිංචිව සිටි උපනියාමක ජී.ආර්.එල්. ප්‍රියංකර (44) (22678) නමැති තිදරු පියෙකි.මරණයට පත් වූ උප නියාමකවරයාට විල්පත්තුව වනෝද්‍යානයට යාබදව කුඹුරු යායක් තිබෙන බවත් ඔහු පෙරේදා (10දා) රාත්‍රියේ ආරක්ෂාව සඳහා ඇති කරන සුනඛයන් දෙදෙනා සමඟ පැල් රැකීමට ගොස් ඇති බවත්  මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන මහවිලච්චිය පොලීසිය කියයි.

පසුගිය (10දා) උදෑසන කුඹුරු යාය ආසන්නයේ පිහිටි තලාව ඇළට දියවීම සඳහා මුව රංචුවක් පැමිණ තිබෙන අතර මුවන් දුටු සුනඛයන් මුවා පසුපස දිවගොස් අල්ලාගෙන තිබේ.  දඩයමට දක්ෂ සුනඛයන් මේ මුවා මරාදැමීමට සුදානම් වෙද්දී එම ස්ථානයට දිවගිය සිවිල් ආරක්ෂක බළකායේ උප නියාමකවරයා මුවා බේරා ගැනීමට උත්සාහ කරද්දී සුනඛයගේ ග්‍රහණයේ සිටි මුවා එක්වරම ඔහුගේ පපුව දෙසට අං තට්ටුවෙන් ඇන පලාගොස් තිබේ.

බරපතළ තුවාල ලබා ඇද වැටුණු නියාමකවරයාව එහි රැස්වූ ගොවීන් විසින් (1990) ගිලන් රථයක් ගෙන්වා ගෙන ප්‍රතිකාර ලබාදීම සඳහා මහවිලච්චිය රෝහලට රැගෙන ගොස් ඇතත් ඒ වනවිටත් ඔහු මියගොස් තිබිණි. තුවාල ලැබූ නියාමකවරයාගේ පපුව දෙසින් කුඩා තුවාලයක් ඇතත් අං පහර පෙණහැල්ලට හෝ හදවතට කිඳා බැසීමෙන් මරණය සිදුවන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.මරණයට පත් වූ උප නියාමකවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (11දා) මහවිලච්චිය රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

මහේෂ් විජේසුරිය
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka