gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොළඹ කසල ඉවත් කරද්දී තවත් ගැටලුවක් මතු වේ !

කොළඹ නගරයේ එකතු වූ කසල මෙට්‍රික් ටොන් 1,000ක් පමණ තවදුරටත් ඉවත් කිරීමට ඇති බව කොළඹ මහ නගර සභාව පවසනවා. එහි නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර කියා සිටියේ ගතවූ දින කිහිපය තුළ ගොඩගැසුණු කසලවලින් අඩක් පමණ අරුවක්කාලු සනීපාරක්ෂක කසල අංගනය වෙත බැහැර කළ බවයි.


දෛනිකව කසල බැහැර කිරීම සඳහා අතිවිශාල මුදලක් වැයවන බවත්, එය මේ වනවිට ගැටලුකාරී තත්ත්වයක් බවට පත්ව ඇති බවත්, නාගරික කොමසාරිස්වරයා නෙත් නිවුස් වෙත කියා සිටියා.

එහිදී "එක ටිපර් රථයක කසල මෙට්‍රික් ටොන් 10ක වගේ ප්‍රමාණයක් තමයි ප්‍රවාහනය කෙරෙන්නේ.  එවැනි ටිපර් රථ 20ක් යැව්වොත් දෛනිකව අපිට ලක්ෂ 20ක වගේ මුදලක් දරන්න වෙලා තියෙනවා. මේකට කවුරුත් අපිට මුල්‍යමය වශයෙන් උදව් කරන්නේ නෑ. නගරවාසීන්ගෙන් එකතු කරන බදු මුදල් තමයි මේකට අපිට යොදවන්න වෙලා තියෙන්නේ. ඒ නිසා මේ අධික මුදල අඩු කර ගැනීම ගැන අද අපි සාකච්ඡා කරනවා.. මේ සඳහා ගතහැකි වෙනත් විකල්ප ගැනත්. " යනුවෙන් සඳහන් කළා.

බැහැර කිරීමට ස්ථානයක් නොමැතිවීම හේතුවෙන් කසල ගොඩගැසී ඇති ස්ථාන කොළඹ නගරයේ තවදුරටත් දැකගත හැකියි. වර්ග කරන ලද කසල බැහැර කිරීම සඳහා ජනතාව අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතු බවයි කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර පැවසුවේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka