gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ක්‍රිකට් ආයතනයෙන් මූල්‍ය අක්‍රමිකතා ගැන සතියක් තුළ පිළිතුරු ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2016 සිට 2019 දක්වා සිදුකරන ලද මූල්‍ය කටයුතු සම්බන්ධව විගණකාධිපතිවරයා විසින් සකස් කරන ලද වෝහාරික විගණනය පිළිබඳ පිළිතුරු සැපයීමට ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා විසින් ක්‍රිකට් බලධාරීන්ට දින හතක කාලයක් ලබාදී ඇත.
සිදුකර ඇතැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතා රැසක් පිළිබඳව දැක්වෙන මෙම වාර්තාවට පිළිතුරු සකස් කිරීම විධායක සභාව විසින් සුජීව ගොඩලියද්ද මහතාට පවරා ඇති බව ක්‍රිකට් ආයතන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

උතුරුමැද ක්‍රිකට් සංගමයේ ලේකම්වරයා ද වන ගොඩලියද්ද මහතා මාතලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක හා ලක්බිම පුවත්පතේ ප්‍රධාන විධායක නිලදාරියා ලෙසද කටයුතු කළ අයෙකි.

මේ සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් ඔහු හා තවත් කිහිප දෙනෙකු ‍ක්‍රීඩා අමාත්‍යංශයේ ඉහළ බලධාරියකු සමග පසුගියදා මහනුවර හෝටලයක දී සිදුකර ඇතැයි ද වාර්තා වේ.

මේ අතර කෝප් කමිටුවද ක්‍රිකට් ආයතනය සම්බන්ධ වූ පැමිණිලි පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කිරීමට නියමිත බවද පැවසේ.

-srilankamirror
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka