gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සමාජ මාධ්‍ය හරහා අපේක්ෂකයින්ට මඩ ගැසීම නතර කරන්න පියවර

ඉදිරි ජනාධිපතිවරණයේදී ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා වෙබ් අඩවි හරහා අපේක්ෂකයින්ට මඩ ගැසීම නතර කිරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
ෆේස්බුක් හිමිකරුවන් , තොරතුරු තාක්ෂණ විශේෂඥයින් දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ නීතිඥයින් සමඟ එක්ව එම ක්‍රියාමාර්ග ගන්නා බවයි මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ අතර වයස අවුරුදු 18 ට වැඩි තරුණ තරුණියන් සඳහා ඡන්ද අයිතිය ලබාදෙන ලෙස ඉල්ලමින් ඊයේ (12) මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වුනා. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා තරුණයෝ සංවිධානය විසින් එම උද්ඝෝෂණය සංවිධානය කර තිබූ අතර එළඹෙන ජනාධිපතිවරණය සඳහා 2019 ඡන්ද හිමි නාමලේඛනයට අනුව ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලීම එහි අරමුණ වී තිබුනා.

කෙසේ වෙතත් විරෝධතාකරුවන්ට මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු නිලධාරීන් සමඟ සාකච්ඡාවකට අවස්ථාව ලැබුණද එහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ‘‘ මැකෝට කිසි දෙයක් දෙන්න පුළුවන් කමක් නෑ. මැකෝ කියන තනතුර මියගිය තනතුරක්. දැන් ඉන්නෙ මැතිවරණ කොමිසමේ සභාපති. ඔබේ ඉල්ලීම් කොමිසමෙන් තමයි කෙරෙන්න ඕන. මොකද ඔයගොල්ලන්ගෙ බැනර් එකේ ඔයගොල්ලන්ට උපදෙස් දීපු කෙනා හරියට ලියලා නෑ. හිට් වෙන එකක් ලියන් එනවා. ඕකෙන් සත පහක ප්‍රයෝජනයක් වෙන්නෙ නෑ ඔය ගොල්ලන්ගෙ අදහසට‘‘ යනුවෙනි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka