gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගෝඨාභය ගැන ඇල්ලු ඔට්ටුව පැරදී දේපල පරාදයි !

පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගෝටභය රාජපක්ෂ මහතාගේ නම්නොකරන බව පවසා සිය යතුරුපැදිය ඔට්ටු ඇල්ලු පුද්ගලයෙක්  යතුරුපැදිය අහිමිකරගෙන ඒ සඳහා ප්‍රදේශයේ පසිද්ධ ස්ථාන තුනක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුභ පැතුම්  පුවරු සවිකරදීමට අනෙක් ඔට්ටුකරුගේ එකඟතාවය ඉල්ලු පුවතක් වඳුරඹ ඌරල ප්‍රදේශයෙන් වාර්තාවේ.
නාගොඩ ප්‍රාදේශීය සභාවේ සේවය කරන සුළු සේවකයින් දෙදෙනෙකු පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම යෝජනා නොකරන බවට එක් සේවකයකු පවසා තිබේ.එහෙත් අනෙක් සුළු සේවකයා පවසා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා නියත වශයෙන් නම් කරන බවයි.

ඒ අනුව දෙදෙනා විසින් පැමිණි එකඟත්වයට අනුව එක් සේවකයෙකු  එක්ලක්ෂ පනස් දහසක මුදලක් ඔට්ටු අල්ලා ඇත.අනෙක් සේවකයා සන්තකයේ මුදල් නොවූ තැන ඔහු විසින් නීතිඥයකුගේ ඉදිරියේ තම යතුරුපැදිය ඔට්ටු අල්ලා ඇත.

කෙසේ නමුත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමත් සමග එක් සේවකයෙකු ඔට්ටුවෙන් පරදී ඇත.

ඔට්ටුවෙන් පැරදුනු සේවකයා ගිවිසගත් පරිදි ඔට්ටුව බේරාගැනීමට යතුරුපැදිය ලබාදීමට මැලි වුයේ  යතුරුපැදිය ලබා දුනහොත් තම රාජකාරි කටයුතු සිදු කරගැනීමට නොහැකි බැවින් ඒ වෙනුවට ගෝඨාභය රාජපක්ෂ මහතාට සුභ පැතීමේ පුවරු තුනක් ඔහුගේ වියදමින් සවි කරන බවට නීතිඥ මහතා ඉදිරියේ පොරොන්දු වීමෙන් පසු අදාළ ඔට්ටුව නිරාකරණය කරගෙන ඇත.

– දෙනියාය ප්‍රියංක ගමගේ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka