gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අරුම පුදුම පක්ෂියෙක් නිසා හලාවත මුතුපන්තිය කැළඹේ‍ !

ආගන්තුක පක්ෂියෙකු  හලාවත – මුතුපන්තිය දූපතට පැමිණ සිටියදී ගම්වාසීන් විසින් අල්ලා ගෙන වන ජීවී නිලධාරීන්ට බාරදීමට කටයුතු කර තිබේ.
පසුගිය (12) රාත්‍රියේ මෙම පක්ෂයා මුතුපන්තිය දූපතට පැමිණ තිබු අතර පසුව ගම්වාසීන් විසින් මෙම පක්ෂියාව නරඹන්නට පැමිණ තිබේ.


හොට සහ වළිගය දිය කාවෙකුගේ හැඩය ගන්නා මෙම පක්ෂියාගේ පාද රාජාළියෙකුගේ පාදවලට සමාන බව වන ජීවී නිලධාරීන් සදහන් කර ඇත.  සෙන්ටිමීටර් 109 ක් බැගින් වන පියාපත් දෙකක්ද මෙම පක්ෂියාට පිහිටා ඇති අතරමෙම පක්ෂියා සම්බන්ධ තොරතුරු ලබා ගැනීම සඳහා තව දුරටත් උත්සාහ කරන බව වන ජීවී නිලධාරීන් සඳහන් කර සිටී.
ආනවිළුන්දාව කුරුළු අභය භූමියට විවිධ සංචාරක පක්ෂීන් පැමිණ ඇති නමුත් මෙවැනි පක්ෂියෙකු කිසිදු දිනක දැක නොමැති බව ප්‍රදේශවාසීන් සහ වනජීවී නිලධාරීන් ද සඳහන් කර තිබේ.

මෙම පක්ෂියාගේ සිරුරේ සුළු තුවාල කීපයක් දක්නට ඇති බැවින් එම සතාට ප්‍රතිකාර කිරීම සඳහා වන ජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ඒකකයට බාර දීමට කටයුතු කර තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka