gossip lanka

රජයේ පාසල් සතියකට දවසක් English වලින් වැඩ කරන්නලු

සතියකට එක් දිනක් සියලු පාසල්වල සන්නිවේදන කටයුතු ඉංග්‍රීසි භාෂාවෙන් සිදුකර මෙරට පාසල් සිසුන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතා ඉහළ නැංවීමට අධ්‍යාපන ඈමැති අකිල විරාජ් කාරියවසම් දන්වා තිබේ.

ජාතික අධ්‍යාපන ආයතනය මඟින් ලබාදී ඇති විෂය මාලාව වඩාත් ඵලදායීව භාවිත කරමින් ඉංග්‍රීසි භාෂාවට අදාළ ඉගෙනුම් සැලසුම් සකස් කර පන්ති කාමරයේ ඉගැන්වීම් ක්‍රියාවලියේ නිරත වන ගුරුවරුන් සඳහා චක්‍රලේඛයක් සහ උපදෙස් සංග්‍රහයක් නිකුත් කිරීමට ඇමැතිවරයාගේ උපදෙස් අනුව මේ වනවිට පියවර ගෙන ඇත.

 එම උපදෙස් සංග්‍රහය අනුව ඉදිරියේදී සිසුන්ගේ සන්නිවේදන කටයුතු ඉංග්‍රීසි භාෂාවෙන් සිදුකිරීමට සතියකට එක් දිනක් සියලු පාසල්වල ඉංග්‍රීසි සන්නිවේදන දිනයක්” ලෙස පැවැත්වීමටද යෝජනා කර ඇත.
මේ දක්වා පාසල් මට්ටමෙන් නිසි ලෙස ක්‍රියාත්මක නොවූ සිසුන්ගේ ඉංග්‍රීසි කථන සහ ශ්‍රවණ කුසලතා ඉගැන්වීම ඇගයීම සඳහා වැඩපිළිවෙළක්ද මේ වනවිට සියලුම පළාත්වලට හඳුන්වා දී තිබේ.  ඒ අනුව සියලු පළාත් ඉංග්‍රීසි සම්බන්ධීකාරකවරුන් සමඟ සාකච්ඡා කර ඇති කරගත් එකඟතාවකට අනුව විභාග දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය හා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨකථිකාචාර්යවරු සහ බ්‍රිතාන්‍ය කවුන්සලයේ උපදේශකවරුන්ගෙන් සමන්විත මණ්ඩලයක් විසින් ශ්‍රවණ හා කථන ඇගයීම් නිර්ණායක සකස් කර සියලුම පළාත් වෙත මේ වනවිට ලබාදී ඇත. මේ වසරේ දෙවැනි පාසල් වාරයේ සිට දිවයිනේ සියලු පළාත්වල එම ඇගයීම් ක්‍රමය 6,7,8 ශ්‍රේණිවලට වාර ප ණවලදී හඳුන්වා දී ඇති අතර ඉදිරියේදී මෙම ඇගයීම් ක්‍රමය 11 ශ්‍රේණිය දක්වා පාසල් මට්ටමින් ඇගයීම් ලෙස ක්‍රියාත්මක කිරීමටද නියමිතව ඇත.
gossip lanka